Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දු කැනඩා අර්බුධයට නවසීලන්තය මැදිහත් වෙයි




ඛාලිස්තාන් අන්තවාදී හර්දීප් සිං නිජ්ජාර්ගේ ඝාතන සිද්ධිය පදනම් කර ගනිමින් කැනඩාව, ඉන්දියාව සමග මතුකර ගෙන ඇති මතභේදාත්මක තත්ත්වය සඳහා නවසීලන්තය මැදිව තිබෙනවා.

ඒ අනුව කැනඩාව විසින් ඉන්දියාවට චෝදනා එල්ල කර ඇති ඛාලිස්තාන් අන්තවාදී හර්දීප් සිං නිජ්ජාර්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නවසීලන්තය ප්‍රතිචාර දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් ඉකුත් සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර ඔහු කැනඩාව ඉන්දියාවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා.

ඛලිස්තාන් අන්තවාදී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දියාවේ සම්බන්ධයක් ඇතැයි කැනඩාව සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු සැක මතුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

"පුහුණු නීතීඥයෙකු ලෙස, මම හොඳින්ම මේ සම්බන්ධයෙන් දන්නවා, චෝදනා පවතින්නේ නම් නඩුවක් කොහෙද? චෝදනා සඳහා සාක්ෂි කොහෙද ? ඒවා සොයා ගන්නේ කොහෙන්ද? මෙම අර්බුධයේදී එවැනි කිසිවක් ඉදිරිපත්වනැහැ." යනුවෙන් නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරය අතරතුර අදහස් පළ කර තිබුණා.

නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස්ගේ එම ප්‍රකාශය ඉන්දියාවට අතිශය වැදගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කැනඩාව ඉන්දියාවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් Five Eyes සන්ධානයේ සාමාජිකයෙකු විවෘතව අදහස් දැක්වූ පළමු අවස්ථාව එය වනවා.

Five-Eyes යනු ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් වලින් සමන්විත බුද්ධිමය සන්ධානයක්. 

මෙම හවුල්කාර රටවල් ලෝකයේ වඩාත්ම ඒකාබද්ධ බහුපාර්ශ්වික විධිවිධානයක් තුළ එකිනෙකා සමඟ පුළුල් පරාසයක බුද්ධි තොරතුරු හුවමාරු කර ගනු ලබනවා.

එවන් පසුබිමක් තුළ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කැනඩාවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ දී අදහස් පළ කර තිබීම විශේෂත්වයක්