Sunday, April 28, 2024

General line - 0115112241

අල්ලස් කොමිසම පැවරූ නඩුවකට කෙහෙලිය ගොනුකල මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප වෙයි

උදය කුමාර




ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් සිය පෞද්ගලික ජංගම දුරකථන බිල ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ චෝදනා කොට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. 

ඒ අනුව හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ඉදිරියටත් පවත්වාගෙන යාමට ද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අවසර ලබා දුන්නා.

ඉන් අනතුරුව එම නඩු විභාගය ජූලි මස 22වනදා පැවැත්වීමටද විනිසුරුවරයා නියම කළා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. 

2012 වසරේ මාර්තු මස 15 සහ එම වසරේ අප්‍රෙල් මස 15 වනදා අතර කාලසීමාව තුළ එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්කැල්ලගේ පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස්දහසක පමණ මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළ දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.