Monday, April 29, 2024

General line - 0115112241

මුහුදුබඩ මාර්ගයේ දින තුනක දුම්රිය ප්‍රමාදයක්




අද හෙට සහ අනිද්දා දිනවල මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර තනි මාර්ගයේ ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, කොළඹ මහ නගර සභාව විසින් බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුකිරීමට නියමිත සංවර්ධන කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව දුම්රිය ගමන් වාර කිහිපයක් එම දින වල අවලංගු කිරීමට කටයුතු යොදා ඇති අතර ඇතැම් දුම්රිය ප්‍රමාදවීම් වලට ද ලක් වීමට සිදුවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ගමනාගමන එන් ජේ ඉදිපොළගේ. 

ඒ හේතුවෙන් දුම්රිය කෙටි ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවූ බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ගමනාගමන එන් ජේ ඉදිපොළගෙ වැඩිදුරටත් ප්‍රකාශ කරා.