Friday, May 3, 2024

General line - 0115112241

දෙවනි ටෙස්ට් තරගයේ පළමුව පිත්ත අතට ගත් ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්




සිය ටෙස්ට් දිනයේ දෙවන අර්ධ ශතකය වාර්තා කිරීමට නිශාන් මධුශ්ක අද සමත් වුණා.

ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දැන් පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කලේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 88ක්. නිශාන් මධුශ්ක නොදැවී ලකුණු 55ක් රැස්කර ගෙන ඇති අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත්. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 33ක් රැස්කර ගනිමින් අනෙක් අන්තයේ රැදී සිටිනවා.

ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් ඇතුළත්. 

දෙරට අතර පැවති පලමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජය ගැනීමට   ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.