Friday, May 3, 2024

General line - 0115112241

රන් මහා සටන ජය පැරදුමකින් තොරව අවසන් වෙයි




කොළඹ  ඩී එස් සේනානයක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 18 වන වරටත් ඊයේ ආරම්භ වූ රන් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව අද පස්වරුවේ අවසන් වුණා.

තරගයේ පළමු ඉනිම සදහා කඩුළු 4 ක් දැවී ලකුණු 370 ක් රැස්කර සිටියදී කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. එහිදී ඩී එස් සේනානායක විද්‍යාලීය කණ්ඩායමේ නායක ගවිදු සේන්හස් පන්දු 190 කදී නොදැවි ලකුණු 200ක් රැස් කළා.

ඩී එස් සේනානායක විද්‍යාලයේ උපනායක මලිත පෙරේරා පන්දු 152 කදි රැස් කළ ලකුණු සංඛ්‍යාව 118ක්. 

ඉන් අනතුරුව පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොළඹ මහානාම කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 239 ක් තුළ දවා ගැනීමට ඩී එස් පන්දු යවන්නන් සමත් වුණා.

මහානාම විද්‍යාලය වෙනුවෙන් සිගේරා ලකුණු 63 ක් රැස් කළා.

ඩී එස් විද්‍යාලයේ ෆස්ලි බිදහෙළු ප්‍රතිවාදී කඩුළු සංඛ්‍යාව 5ක්.

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඇරයුමෙන් යළි දෙවන ඉනිම සදහා ක්‍රීඩා පිටියට එක් වූ කොළඹ මහානාම විද්‍යාලය දිනය නිමා වනවිට කිසිවෙකු නොදැවී ලකුණු 207 ක් රැස් කළා.