Friday, May 3, 2024

General line - 0115112241

දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වනවිට කඩුළු 4ක් දැවී ලකුණු 314 ක් රැස් කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. 

ඒ අනුව ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නිශාන් මධුෂ්ක සහ දිමුත් කරුණාරත්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සබදතාවක් ගොඩ නැගුවා.

පළමු කඩුල්ල ලෙස නිශාන් මධුෂ්ක දැවී ගියේ ලකුණු 57 ක් රැස් කර සිටියදීයි.

ඉන් අනතුරුව ලකුණු 86 ක් රැස්කර සිටියදී දිමුත් කරුණාරත්න දැවි ගියා.

එක් හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් කුසල් මෙන්ඩිස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 93 ක්.

ඉන් අනතුරුව ලකුණු 23 ක් රැස් කර සිටියදී ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියා.

දිනය නිමා වනවිට නොදැවි කඩුල්ලේ රැදී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 34 ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 15 ක් රැස්කරගෙන සිටියා.

පන්දු යැවීමේදී හසන් මහමුද් කඩුළු 2 ක් හා ශකීබ් අල් හසන් එක් කඩුල්ලක් දවා ගත්තා.