Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු දිනය නිමා වනවිට කඩුළු 4ක් දැවී ලකුණු 314 ක් රැස් කළා.

ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නිශාන් මධුෂ්ක සහ දිමුත් කරුණාරත්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සබදතාවක් ගොඩ නැගුවා.

නිශාන් මධුෂ්ක ලකුණු 57 කටත් දිමුත් කරුණාරත්න ලකුණු 86 කටත් දැවි ගියා.

කුසල් මෙන්ඩිස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 93 ක්.

ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 11 ක් අයත් වුණා. ඇන්ජලෝ මැතිව්ස්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 23 ක් පමණයි.

නොදැවි කඩුල්ලේ රැදී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 34 ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 15 ක් රැස්කරගෙන සිටියා.

පන්දු යැවීමේදී හසන් මහමුද් කඩුළු 2 ක් හා ශකීබ් අල් හසන් එක් කඩුල්ලක් දවා ගත්තා.