Sunday, May 5, 2024

General line - 0115112241

ගාසා තීරයට සටන් විරාමයක් ගෙන එන්නැයි පාප්වහන්සේ පාස්කු ඉරිදා දිනයේදී ඉල්ලයි




ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය සාම්ප්‍රදායික පාස්කු පණිවිඩය අද ගාසා වැසියන් වෙනුවෙන් වෙන් කර තිබුණා.

එම පණිවිඩය මගින් උන්වහන්සේ පැවසුවේ ගාසා තීරයට සටන් විරාමයක් ගෙන එන ලෙස වගකිව යුතු පාර්ශවවලින් ඉල්ලා සිටින බවයි.

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරිය යුතු බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.

සාමය කිසිවිටෙකත් ආයුධ මගින් නිර්මාණය නොවන බවයි ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්නේ.