Thursday, May 2, 2024

General line - 0115112241

එංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ බාළක ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට




ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තණ තීරු වල ක්‍රීඩා කර අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින්  එංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් සහ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ  සාමාජිකයන් 14 දෙනෙකුගෙන් යුතු ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන් අද උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනා.

ශ්‍රී ලංකාවේ දින 10 ක තරග සංචාරයක් සදහා පැමිණි ඔවුන් කොළඹ පැවැත්වෙන එක් දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරග 03 කට සහ ගාල්ල සහ කොළඹ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 කට සහභාගී වීමට නියමිත බවයි කටුනායක නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

කණ්ඩායමේ නායකයා ලෙස ලූක් යේට්ස්  (Luke Yates ) කටයුතු කරනු ලබන අතර මෙම ක්‍රිකට් කණ්ඩායම තුළ දක්ෂ ආරම්භ පිතිකරුවන් , වේග පන්දු යවන්නන් සහ දග පන්දු යවන්නන් රාශියක් සිටිනවා.

මෙම කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අමල් දළුගොඩ කටයුතු කරනු ලබනවා.