Sunday, May 5, 2024

General line - 0115112241

ඊශ්‍රායලයේ ප්‍රහාරයකින් සිරියාවේ ඉරාන කොන්සාල් කාර්යාලය් විනාශ වෙයි




සිරියාවේ ඩමස්කස් අගනුවර ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඉරාන කොන්සාල් කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රහාරය එල්ල කළද සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

කෙසේවෙතත් ප්‍රහාරය හමුවේ ඉරාන විප්ලවීය හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 11දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම ප්‍රහාරය ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් තීව්‍ර කරන්නක් බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.

ප්‍රතිවිරුද්ධ මතධාරීන් වන ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින එම මත ගැටුම් ගාසා යුද්ධය හමුවේ තවත් උත්සන්න වුණා.

ඊට හේතු වූයේ ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සටන්කාමීන්ට සහ ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයට ඉරානය සහය පළ කිරීමයි.