Wednesday, May 1, 2024

General line - 0115112241

මාලිමාව විවාදය මග හරිනවා සජබෙන් චෝදනාවක්




ජාතික ජනබලවේගය සමග ඕනෑම මොහොතක විවාදයට සූදානම් බව සමගි ජනබලවේගය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.


කෙසේවෙතත් ඉකුත් සතියේ පැවති නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වූ ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ තම පාර්ශවය ඕනෑම මෙහොතක විවාදයට සූදානම් බවයි.

විවාදය මඟහරිමින් සිටින්නේ සමගි ජනබලවේගය බවටයි ඔවුන් එහිදී චෝදනා කළේ.

ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.