Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දීය මහමැතිවරණය අද ඇරඹෙයි - ප්‍රතිඵලය ලංකාවට කෙලෙස බලපායිද




ඉන්දීය මහමැතිවරණයේ පළමු අදියර අද ආරම්භ වනවා.

අද සිට ජුනි මස 01 වනදා දක්වා අදියර 07ක් යටතේ එම මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

බිලියන 01යි දශම 04යි එකක් වන ඉන්දීය ජනගහණයෙන් මිලියන 969ක් මෙවර ඉන්දීය මහමැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ලෝක් සභාව සඳහා නියෝජිතයන් 543ක් තෝරා ගැනීමට මෙම මැතිවරණය පැවැත්වෙන අතර අද ආරම්භ වන පළමු අදියරේදී  තමිල්නාඩුව ඇතුළු ප්‍රාන්ත 07ක මැතිවරණය පැවැත්වීමට නියමිතයි. 

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස සැළකෙන ඉන්දියානු මහමැතිවරණයේ ප්‍රතිඵලය දකුණු ආසියානු කලාපයට මෙන්ම ගෝලීය වශයෙන්ද වැදගත් කරුණක් වනවා.

එය ආසන්නතම අසල්වැසියා වන ශ්‍රී ලංකාවට ඇති කරන්නේ ප්‍රබල බලපෑමක්.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ     ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අතුලසිරි සමරකෝන්. 

ඉදිරි කාලසීමාව තුළ මෙරට ආයෝජනවලට ඉන්දියාවෙන් ඇති වන බලපෑම තීව්‍ර වීමටද මෙම මැතිවරණ ප්‍රතිඵලය බලපෑ හැකි බවයි ආචාර්ය අතුලසිරි සමරකෝන් පෙන්වා දුන්නේ.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ තීරණාත්මක මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව පැවතියද එහිදී කුමන පාර්ශවයක් බලයට පත් වුවත් ඉන්දියාව සමග දැනට ඇති වී තිබෙන සබඳතාවල විශාල වෙනසක් සිදු නොවනු ඇති බවද ආචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් වැඩිදුරටත් පැවසුවා.