Thursday, May 2, 2024

General line - 0115112241

ඇමෙරිකාවේ ලෝක විවාහක රූ රැජින තරගාවලියට තුෂාරි ජයකොඩි

කටුනායක ටී.කේ.ජී.කපිල 




අමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින - 2024 ( Queen of the World - 2024 ) තරඟාවලියට සහභාගි වීම සඳහා ප්‍රථම වතාවට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තුෂාරි ජයකොඩි අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඇය මෙම තරඟාවලියට සහභාගී වීම සදහා අද දින  කටුනායක ගුවන් තොටුපොළෙන් දෝහා බලා පිටත්ව යන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයෙන් පිටත් ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එළඹෙන 21වන  දින සිට 25 වන දින දක්වා මෙම තරඟාවලිය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන අතර ලෝකයේ රටවල් 33 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

තුෂාරි ජයකොඩි මීගමුව ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන අතර ඇය මැලේසියානු ගුවන් සේවයේ සේවිකාවක ලෙස සේවය කරනු ලබනවා.

ඇය පසුගිය දා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලියේ වයස අවුරුදු 50 ට වැඩි කාණ්ඩයේ තරඟයෙන් ජයග්‍රහණය හිමි  කරගෙන  මෙම තරඟාවලියට ඉදිරිපත් වීම සදහා සුදුසුකම් ලබා තිබෙනවා