Thursday, May 2, 2024

General line - 0115112241

තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 07ක් අත්අඩංගුවට




සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 07දෙනෙකු සහ තවත් සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය,  කොළඹ අපරාධ කොට්ඨාශය හා  ගාල්ල අපරාධ කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් විසින්.

බස්නාහිර පළාත හා දකුණු පළාත මූලික කරගෙන ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක මෙහෙයුම යටතේ එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්  මොරටුව, රනාල, නුගේගොඩ, ඔරුගොඩවත්ත, පල්ලකැලේ සහ මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.