Thursday, May 2, 2024

General line - 0115112241

හෙලිකොප්ටර් අනතුරකින් කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා ජීවිතක්ෂයට




හෙලිකොප්ටර් අනතුරකින් කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානි ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔමොන්ඩි ඔගොල්ලා ඇතුළු නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු ඇතුලු 11 දෙනෙක් ගමන්කරමින් සිටි හෙළිකොප්ටරය කෙන්යාවේ බටහිර ප්‍රදේශයකදී  අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම අනතුරෙන් දෙදෙනෙකුගේ දිවි බේරී තිබෙනවා.

මෙම අනතුර කෙන්යාවට ඉතා ශෝකජනක අවස්ථාවක් බවයි එරට ජනාධිපති විලියම් රූටෝ පවසා ඇත්තේ.