Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රීලනිප වැඩබලන සභාපති අවුල ලිහන හැටි දුමින්ද කියයි




ව්‍යවස්ථානුකූලව හා නීත්‍යානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

පක්ෂ සාමාජිකත්වය නොමැති අමාත්‍ය විජයදාස රාජපක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කිරීමට කිසිවෙකුට බලයක් නොමැති බවයි නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ. 


සිය පාර්ශවය මැදිහත්ව සිටින්නේ පාක්ෂිකයින්ගේ අයිතිය රැකීම සඳහා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙහිදී කියා සිටියා.