Sunday, May 5, 2024

General line - 0115112241

විල්ගමුව පොලිස් ස්ථානයේ ගිනි අවියක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

 රවීන්ද්‍ර විරාජ් අභයසිරි




පසුගිය මාර්තු මස 25වනදා විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවේ රාත්‍රී ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයාගේ ගිනි අවිය  අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු විල්ගමුව පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විල්ගමුව, කෝන්ගහමුල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබලෙක්.

අදාළ ගිනිඅවිය පසුගිය 23වන දින විල්ගමුව නුගගොල්ල කෝන්ගහමුල හන්දියේ බුදු කුටියක් තුළ තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

ඒ, පොලිස් නිල සුනඛ අංශයේද සහය ඇතිවයි.

පොලිස් නිල සුනඛයා ගිනි අවියට ඉව අල්ලා ඒ ඔස්සේ ගමන් කිරීමේදී සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයාගේ නිවසට යාබද වගා ළිඳ වෙත පැමිණි ඇති බවද පොලිසිය පැවසුවා.

සොයා ගන්නා ලද ටී 56 වර්ගයේ ගිනි අවිය හා පතොරම් සහිත මැගසීනය මලකා ඇති අතර එහි රොන් මඩද පවතින බවයි පොලිසිය පැවසුවේ.