රුපියල් ලක්ෂ 15 අධික වීදි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104 මිලි ග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිකඩ පොලිස් වසමේ අංක 416/2, කළුපලුවාව, රාජගිරිය ලිපිනයේ දී මෙම වැටලීම් සිදුකර තිබෙන්නේ.
එම ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් රුපියල් 93,000.00 ක් හා ජංගම දුරකථනයක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.