Wednesday, May 8, 2024

General line - 0115112241

බන්ධනාගාර ආරක්ෂාව යළි තර කෙරේ




සියලු බන්ධනාගාරවල ආරක්ෂාව යළි තර කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, බන්ධනාගාර තදබදය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්.

සමස්ථ බන්ධනාගාරවල මේ වන විට රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 30,094ක් වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අතර බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සංඛ්‍යාව 19,695ක් වනවා.

දිවයින පුරා සිදු කෙරෙන යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන සැකකරුවන්ද එම පිරිසට අයත්.

පවතින තත්ත්වයන් හමුවේ බන්ධනාගාරවල ආරක්ෂාව ඉහළ දැමීමට පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

සැකකරුවන් බැලීමට පැමිණෙන පුද්ගලයින් හරහා තහනම් භාණ්ඩ බන්ධනාගාර තුළට රැගෙන ඒම වැළැක්වීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව එලෙස පැමිණෙන පිරිස් දැඩි පරික්ෂාවකට ලක් කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

රැඳවියන්ට ලබා දීම සඳහා කුමන හෝ තහනම් භාණ්ඩයක් ගෙන එන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථාන වෙත භාර දීමටද කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.