Friday, May 3, 2024

General line - 0115112241

NDB ව්‍යවසායකයින් බලගන්වයි (VIDEO)




NDB බැංකුව විසින් සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් බලගැන්වීමේ වැඩමුළුවක් සංවිධානය කර තිබුණා.

මෙහිදී කාන්තා ව්‍යවසායකයින්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක යටතේ වැඩමුළුව පැවැත්වුණා.

කොළඹ සහ නාගරික ප්‍රදේශයන් හි ව්‍යාපාර කටයුතු සිදු කරන කාන්තාවන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් එහිදී ඊයේ (24) පැවැත්වුණා.

මෙම වැඩසටහනේදී ව්‍යවසායකත්වය, මූල්‍ය සුරක්ෂිතතාවය, ව්‍යාපාර සාර්ථකත්වය උදෙසා සෞඛ්‍ය රැකගැනීම සහ අඩු පොළී අනුපාත යටතේ ණය ලබා ගැනීම පිළිබඳව වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කෙරුණා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)