Saturday, May 4, 2024

General line - 0115112241

කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබායි




කන්කසන්තුරේ වරායෙන් ඛණිජ තෙල් ගොඩබෑම සදහා ඉදිරියේ දී කටයුතු කරන බව ඛණීජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතට ඛණිජ තෙල් ප‍්‍රවාහණය කිරීම සදහා අධික පිරිවැයක් දැරීමට සිදු වන බවයි. 

එය අඩුකර ගැනීමට අවශ්‍ය සියලූ ක‍්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

උතුරු ප‍්‍රදේශයට ඉන්ධන බෙදා හැරීම සදහා තෙල් ටැංකි සංකීර්ණයක් ඉදිරිකිරීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.