Monday, April 29, 2024

General line - 0115112241

ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට උණ




වෛරස් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ට ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා.

ඒ් අනුව මෙම තරගයේදී ඔහු විවේක ගැන්විමටයි ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ.

ඉන්දු - ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අනිද්දා (26) ගාල්ල ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.