Wednesday, May 1, 2024

General line - 0115112241

මහනුවර ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලු දෙදෙනෙකු අත්අඩංගුවට

ජේ ඒ එල් ජයසිංහ - මහනුවර




මහනුවර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පම් ලබා ගැනීමට තැත් කළ කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ව්‍යාපාරිකයාගේ රහස් ඔහුගේ බිරිට පවසන බවට ෆේස්බුක් ඔස්සේ පණිවුඩ යවමින් සැකකාර කාන්තාවන් දෙදෙනා කප්පම් ඉල්ලා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉල්ලා සිටි කප්පම් මුදලින් රුපියල් ලක්ෂ 15ක් අත්තිකාරම් ලෙස ලබා ගැනීමට නාවලපිටිය නගරයට පැමිණී අවස්ථාවේදී මහනුවර පොලිස් ස්ථානයේ කණ්ඩායමක් සැකකාර කාන්තාවන් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.