Friday, May 3, 2024

General line - 0115112241

කිම්-ට්‍රම්ප් දෙවන හමුව ලගදීම

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් අතර තවත් හමුවක් මේ වසර අවසානයේ සිදුවනු ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් CNN පුවත් සේවය සදහන් කරනවා.

දෙරටේ නායකයින් දෙදෙනා අතර නිතර නිතර ලිපි මාර්ගයෙන් අදහස් හුවමාරු වන අතර වසර අවසානයේ පැවැත් වීමට අදහස් කරගෙන තිබෙන දෙවන සමුළුව පැවැත්වෙන ස්ථානය පිලිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවද සදහන්.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීමේ කටයුතුවල දිගින් දිගටම සිදුකිරීම සහ ඔවුන් මේ දක්වා න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් අමෙරිකානු රාජ්‍ය නිලධාරින් උතුරු කොරියාව කෙරෙහි දක්වනු ලබන්නේ යහපත් ආකල්පයක් නොවෙයි.

ඉකුත්දා උතුරු කොරියානු විදේශ කටයුතු ඇමති රීන් යොන් හෝ කියා සිටියේ සිංගප්පුරු සමුළුවෙන් අනතරුව ඇමෙරිකාවේ හැසිරීම අනතුරු අඟවන බවයි.