Friday, May 3, 2024

General line - 0115112241

ඉන්ධන පිරවූ බවුසරයක් පුපුරා යයි : පුද්ගලයින් දෙදෙනෙක් මරුට (PHOTOS/VIDEOS)

දිනුක් හේවාවිතාරණ




ඉන්ධන රැගත් බවුසර් රථයක් තවත් ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 60 දෙනෙක් මිය ගොස් ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

උතුරු දිග ඉතාලියේ, බොලොග්නා හිදී සිදුවූ මෙම අනතුරත් සමග ඉන්ධන පිරවූ බවුසර් රථය පුපුරා ගොස් ඇති අතර ඒ හේතුවෙන් විශාල ගින්නක්ද හට ගෙන ඇති බව ඉතාලි පොලිසිය සදහන් කරනවා.

බොලොග්නා හි පිහිටි පාලමක් මතින් දිවෙන මාර්ගයක මෙම අනතුර සිදුව ඇති අතර ඉන්ධන බවුසරය පිපිරීමෙන් එම පාලමේ කොටසක්ද කඩා වැටී ඇති බවයි එරට පොලිසිය සදහන් කරන්නේ. පාලම යට පිහිටි වාහන අංගනයකටද ගින්න පැතිරී යාමෙන් එහි නවතා තිබු වාහන කිහිපයක්ද ගිනි ගෙන පුපුරා ගොස් තිබෙනවා.

මේ අතර දකුණු දිග ඉතාලියේ පුග්ලියා හි සිදුවූ මෝටර් රථ අනතුරකින් වැන් රථයකින් ගමන් කරමින් සිටි සංක්‍රමණික සේවකයින් 12 දෙනෙක් මිය ගොස් ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කර සිටිනවා. එම වැන් රථයේ ගමන් කරමින් සිටි සංක්‍රමණිකයින් කුමන රටක ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.