Thursday, May 2, 2024

General line - 0115112241

සවුදි අරාබිය කැනඩාව සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවයි : කැනඩා තානාපතිවරයාවද රටින් පිටුවහල් කරයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කැනඩාව සමග සියලු රාජතාන්ත්‍රික සහ වෙළද සම්බන්ධතා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සවුදී අරාබිය තීරණය කර තිබෙනවා. 

සවුදි රජය විසින් මෙම තීරණය ගැනීමට හේතුව වී ඇත්තේ දැනට එරට අත්අඩංගුවට ගෙන් සිටින සිවිල් සමාජිය හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කැනේඩියානු පුරවැසිභාවය හිමි සමර් බඩාවී ඇතුළු ක්‍රියාකාරීන් නිදහස් කරන මෙන් ඉල්ලා කැනඩා විදේශකටයුතු ඇමතිවරිය විසින් සිදුකළ ඉල්ලීම හේතුවෙන් බව සදහන් වේ.

සවුදි අරාබි රජය විසින් එරට සිටින කැනේඩියානු තානාපතිවරයාට පැය 24ක් රටින් පිටව යන මෙන් නියෝග කර ඇති අතර දැනට කැනඩාවේ සිටින සවුදි තානාපතිවරයාව යලි සිය රටට පැමිණෙන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර සිටිනවා.

මිට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි සවුදි ගුවන් සේවය කැනඩාව සමග සිදුකල සෘජු ගුවන් ගමනද වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගෙන ඇති බව BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.

මිට අමතරව ශිෂ්‍යත්ව හුවමාරුව යටතේ කැනඩාවේ අධ්‍යාපනය ලබන සවුදි සිසුන් 7000 ක් පමණ වෙනත් රටවලට මාරු කර හැරීමටද සවුදී රජය පියවර ගෙන ඇති අතර ඔවුන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් වල පිහිටි සරසවි වලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති බව සවුදි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

සවුදි අරාබිය සදහන් කරන්නේ කැනඩාව සිය රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම කිසිසේත් පිළිගත නොහැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයට අනුව දෙරට අතර පැවති සම්බන්ධතා පළුදු වුනු බවයි.