Nishan Neth News

දුම්රිය මඟේ මත්පැන් පානය කරමින් සිටි ධීවරයින් තිදෙනෙකු දුම්රියක ගැටෙයි – දෙදෙනෙකු ජිවිතක්‍ෂයට

ත්‍රිකුණාමලය චීන වරාය ආසන්නයේ කොට්ටෙයි ප්‍රදේශයේදි දුම්රියක ගැටී ධීවරයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ ධීවරයන් තිදෙනෙකු ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඊයේ රාත්‍රි ගැටී ඇති බවයි. ඔවුන් තිදෙනා දුම්රිය මාර්ගයේ රැදී සිට මත්පැන් පානය කරමින් සිටියදි මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. එහිදී එක් ධීවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය … දුම්රිය මඟේ මත්පැන් පානය කරමින් සිටි ධීවරයින් තිදෙනෙකු දුම්රියක ගැටෙයි – දෙදෙනෙකු ජිවිතක්‍ෂයට

රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ප්‍රහාර

රුසියානු හමුදා විසින් යුක්රේනයේ කියෙව් අගනුවර ආසන්න ප්‍රදේශයකට එල්ල කළ ප්‍රහාරයකින් කඩා වැටුණු නේවාසික ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි හත් හැවිරිදි පිරිමි දරුවෙකු පැය 14කට පසු බේරා ගැනීමට එරට හදිසි සේවා අංශ සමත්ව තිබෙනවා. ඊයේ (ඉරිදා) අලුයම 05.00ට පමණ කියෙව් කලාපයේ ඩයිමර් ගම්මානයේ පිහිටි මෙම ගොඩනැගිල්ලට රුසියානු ප්‍රහාරය එල්ල වී ඇත්තේ එහි පදිංචිකරුවන් නින්දේ පසුවෙමින් … රුසියාවෙන් යුක්‍රේනයට දරුණු ප්‍රහාර

AI තාක්ෂණය යොදාගෙන විභාග වංචා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මුළු මහත් දකුණු කොරියාවම කැළඹූ විභාග වංචා සිද්ධියක් හේතුවෙන්, එරට අධ්‍යාපන අමාත්‍ය චෝයි ක්යෝ-ජින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා පැවති දකුණු කොරියානු වාර්ෂික විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය හෙවත් ‘සුනෙයුන්ග්’ විභාගයේදී AI තාක්ෂණයෙන් සිදුවන වංචා නවත්වන්න අවසන් මොහොතේ ගත් ක්‍රියාමාර්ග නිසා ඇතිවූ ව්‍යාකූලත්වයේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බවයි ඔහු පවසන්නේ. මීට සතියකට කලින් ජාතික බදු … AI තාක්ෂණය යොදාගෙන විභාග වංචා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

“ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන්න” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගෙන් පකිස්ථානයට දරුණු තරවටුවක්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉම්රාන් ඛාන්ට නිසි සැලකීමක් ලබාදීම, ඔහුගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ නීතියේ නියමිත ක්‍රියාපටිපාටියට ගරු කිරීම ද බලධාරීන්ගේ වගකීමක් බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අවධාරණය කරන්නේ. CNN නාලිකාවේ ක්‍රිස්ටියන් … “ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන්න” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගෙන් පකිස්ථානයට දරුණු තරවටුවක්

ලෝකෙටම කුඩු බෙදූ එල් චාපෝ ඉසිඩ්‍රෝ අත්අඩංගුවට

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල් චාපෝ ඉසිඩ්‍රෝ මෙක්සිකෝවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එල් චාපෝ ඉසිඩ්‍රෝ FBI හෙවත් අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයට මෙක්සිකෝවේ වඩාත්ම අවශ්‍යව සිටි පුද්ගලයින් 10 දෙනාගෙන්ද එක් අයෙක්. මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනුනේ මෙක්සිකෝ ආරක්ෂක අංශ විසින් සිදු කෙරුණු විශේෂ මෙහෙයුමකදීයි. එහිදී එල් චාපෝ ඉසිඩ්‍රෝ ට අමතරව තවත් පුද්ගලයින් 8 … ලෝකෙටම කුඩු බෙදූ එල් චාපෝ ඉසිඩ්‍රෝ අත්අඩංගුවට

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ගත් පියවර පිළිබඳ ඇමරිකානු විද්වතුන්ගෙන් පැසසුම්

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ගත් පියවර පිළිබඳ ඇමරිකානු විද්වතුන්ගෙන් පැසසුමට ලක්ව තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ ගෝලීය සෞඛ්‍ය වැඩසටහනෙන් ලැබුණු ආරාධනයක් මත මහාචාර්ය චන්න ජයසුමන මහතා එහි සිදුකරන සංචාරයේදීයි. එහිදී ඒ මහතා ලොව පුරා නිවර්තන කලාපීය කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගය පිළිබද ශ්‍රී ලාංකික පර්යේෂණ … ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ගත් පියවර පිළිබඳ ඇමරිකානු විද්වතුන්ගෙන් පැසසුම්

විවාහ මංගල උත්සවයකට ගොස් ත්‍රීරෝද රථයකින් එමින් සිටි පිරිසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිදෙනෙකු ඝාතනය කලැයි විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම.එක් විත්තිකරුවෙකු නඩුව අතරතුර මිය ගිහින්

  විවාහ මංගල උත්සවයකදී ඇති වු ගැටුමක් දුර දිග යාමේදී මග රැක සිට මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට එම නිරෝද රථයේ ගමන් කල පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කල බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනෙකු අතරින් නඩු විභාගය අතරතුර මිය ගොස් සිටි පලමු විත්තිකරු හැර දෙවන සහ තුන්වන විත්තිකරුවන් … විවාහ මංගල උත්සවයකට ගොස් ත්‍රීරෝද රථයකින් එමින් සිටි පිරිසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිදෙනෙකු ඝාතනය කලැයි විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම.එක් විත්තිකරුවෙකු නඩුව අතරතුර මිය ගිහින්

APEC සමුළුවේදී චීනය තායිවානයට අයුතු ලෙස සැලකූ බවට චෝදනා

පූර්ව සාකච්ඡා පවත්වා තිබියදීත්, මෙවර චීනයේ පැවති ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළු අතරතුර තායිවානයට අයුතු ලෙස සැලකීමේ සිදුවීම් කිහිපයකට මුහුණ දීමට සිදු වූ බවත්, එම සිදුවීම් ඉදිරියට පූර්වාදර්ශයක් කර නොගන්නා බවත් තායිවාන නිලධාරියෙකු පැවසීය. 2024 නොවැම්බර් මාසයේදී APEC සමුළුවේ සත්කාරකත්වය සඳහා චීනය තෝරා ගැනීමෙන් අනතුරුව, සාමාජික ආර්ථිකයක් ලෙස සමාන සහභාගීත්වය මෙන්ම සිය නියෝජිතයින්ගේ ආරක්ෂාව සහ … APEC සමුළුවේදී චීනය තායිවානයට අයුතු ලෙස සැලකූ බවට චෝදනා

ඉන්දියාවෙන් තවත් අවි පද්ධති දෙකක් මිලදී ගැනීමට පිලිපීනයේ අවධානය

ඉන්දියාවේ නිෂ්පාදිත ‘බ්‍රහ්මෝස්’ නෞකා නාශක මිසයිල මිලදී ගැනීමෙන් අනතුරුව, තවත් ඉන්දීය අවි පද්ධති දෙකක් මිලදී ගැනීම කෙරෙහි පිලිපීනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. නවදිල්ලිය සමඟ සමීප හමුදාමය ඒකාබද්ධතාවයකට අඩිතාලම දමමින්, වඩාත් ශක්තිමත් ආරක්ෂක පෙරමුණක් ගොඩනඟා ගැනීමට මෙම අවි පද්ධති මැනිලා පාලනයට උපකාරී වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දෙරටේම ආරක්ෂක අංශවල අභ්‍යන්තර ආරංචි මාර්ග … ඉන්දියාවෙන් තවත් අවි පද්ධති දෙකක් මිලදී ගැනීමට පිලිපීනයේ අවධානය