Nishan Neth News

චීනයේ රාජ්‍ය රෝහල් සේවකයන්ගේ වේතන කප්පාදු කෙරේ

  චීනයේ රාජ්‍ය සෞඛ්‍ය ආයතන මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ ප්‍රදේශ රැසක රෝහල් සේවකයන්ගේ මූලික වැටුප් සහ කාර්යසාධන දීමනා කප්පාදුවට ලක්ව ඇති බව වාර්තා වේ. විදෙස් වාර්තා අනුව, ඇතැම් සෞඛ්‍ය සේවකයන්ගේ මාසික මූලික වැටුප යුවාන් 2,000 ට වඩා අඩු වී ඇති අතර ඇතැම් රෝහල් මාස ගණනාවකින් වැටුප් ගෙවීම් පවා පැහැර හැර තිබේ. පළිගැනීම්වලට … චීනයේ රාජ්‍ය රෝහල් සේවකයන්ගේ වේතන කප්පාදු කෙරේ

උඩරට මාර්ගයේ පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනයත් තවත් දින කිහිපයකින් යළි ඇරඹෙයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු නතර වී තිබූ උඩරට මාර්ගයේ පේරාදෙණිය – ගම්පොළ දක්වා දුම්රිය ධාවනය ලබන සිකුරාදා සිට ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දිට්වා සුළි  කුණාටු  තත්ත්වයෙන් පසු රඹුක්කන සහ ගම්පොළ අතර දුම්රිය මාර්ගය ස්ථාන 113 කින් හානියට ලක්ව තිබුණා. ඉන් විශාල ප්‍රමාණයේ නායාම් 36ක් සිදුව තිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. මීට අමතරව දුම්රිය … උඩරට මාර්ගයේ පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනයත් තවත් දින කිහිපයකින් යළි ඇරඹෙයි

ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කළ රුමේෂ්ට රන් පදක්කම

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා දීමට රුමේෂ් තරංග මීට නොබෝ වෙලාවකට පෙර සමත් වුණා. ඒ, හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේදීයි. ක්‍රීඩාංගනයට වැසි ඇද හැලෙමින් තිබියදී තරගය පැවැත්වුනා. එහිදී රුමේෂ් තරංග දැක්වූ ඉහළම දක්ෂතාව මීටර් 88යි සෙන්ටිමීටර් 55ක්. ඉන්දියාවේ යශ්වීර් සිං මීටර් 85යි සෙන්ටිමීටර් 72ක ඉහළම දක්ෂතාවක් දක්වමින් ඉසව්වේ රිදී පදක්කම … ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කළ රුමේෂ්ට රන් පදක්කම

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා. මෙම වැඩසටහනෙහි අරමුණ වී ඇත්තේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව පිළිබඳව පළාත් සහ කලාප මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීම බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළව ජාතික අධ්‍යාපන … නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

මාර්ග නීති කඩන රියදුරන්ට වැඩ වරදී

රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ සයමස් නියමු ව්‍යාපෘතිය ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කිරීමට සූදානම් වනවා. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අපේක්‍ෂා කරන බවයි. මෙරට මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය රියදුරන්ගේ … මාර්ග නීති කඩන රියදුරන්ට වැඩ වරදී

සෞඛ්‍ය වර්ජනයක්?

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්වල සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පිරිසක් එක්දින වර්ජනයක් සිදුකිරීමට සූදානම් වනවා. ඒ අනුව ලබන 6 වනදා එම දිස්ත්‍රික්ක දෙකේ සෑම රෝහලකම, ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයකම සහ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවයේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය සහයක සහ උපස්ථායකවරුන් එලෙස වර්ජනයේ නිරත වන බවයි ලංකා ජනජය සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික … සෞඛ්‍ය වර්ජනයක්?

ආසියානු කෙළිබිමේදී ශ්‍රී ලංකාවට හොකී ජයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී පිරිමි පළමු වටයේ තරඟයකදී ශ්‍රී ලංකාව අද ඉන්දුනීසියාව පරාජය කළා. තරඟයේ අවසන් ප්‍රතිඵලය ගෝල 4ට 3ක්. පළමු වටයේ ් කාණ්ඩයේ තරඟයක් ලෙස මෙය පැවැත්වුණා. මේ අතර 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රන් පදක්කම් බලාපොරොත්තුව වන රුමේෂ් තරංග අද පස්වරුවේ තරග බිමට පිවිසෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් … ආසියානු කෙළිබිමේදී ශ්‍රී ලංකාවට හොකී ජයක්

වාද්දූවේදී යතුරු පැදි දෙකක් සහ මෝටර් රථයක් ගැටෙයි – තරුණයෙකු ජීවිතක්‍ෂයට

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ යතුරුපැදි දෙකක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී එම අනතුර සිදුව ඇති බවයි. එහිදි ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි එක් යතුරු පැදියක ගමන් ගත් තරුණයෙක්. අනතුරෙන් පාසල් සිසුවියක්ද බරපතළ තුවාල ලබා තිබෙනවා. අනෙක් යතුරු පැදියේ සහ මෝටර් රථයේ රියදුරන් අත්අඩංගුවට ගත් බවයි වාද්දුව … වාද්දූවේදී යතුරු පැදි දෙකක් සහ මෝටර් රථයක් ගැටෙයි – තරුණයෙකු ජීවිතක්‍ෂයට

වනඅලි පහරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

සේරුනුවර, සිරිදූව ප්‍රදේශයේ දී වනඅලියෙකු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසියට පැවසුවේ වයස අවුරුදු 47 ක් වූ පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. ඔහු සිය නිවස ඉදිරිපිට සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.