Nishan Neth News

කොළඹ රථ වාහන තදබදයට හෙට සිට විසදුමක්

කොළඹ පවතින රථවාහන තදබදය අවම කරමින් වඩාත් පහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 07ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් බස් රථ 104ක් ධාවනයට එක් කිරීමට මෙට්‍රෝ බස් ආයතනය සූදානම් වනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව බස් රථ සේවාව ආරම්භ කිරීමට නියමිත අතර, හෙට (29) සිට එම මෙහෙයුම් ආරම්භ … කොළඹ රථ වාහන තදබදයට හෙට සිට විසදුමක්

දිනකට මාර්ග අනතුරුවලින් 9 කට දිවි අහිමි වෙද්දී යතුරුපැදි අනතුරු තවත් ඉහළට

මෙරට මාර්ග අනතුරුවලින් සිදුවන මරණවලින් වැඩි ප්‍රතිශතයක් යතුරු පැදි ආශ්‍රිතව සිදුවන අනතුරු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසුවේ යතුරු පැදිවල ගමන් ගන්නා දෙමාපියන් හෙල්මට් පැළඳ සිටියද, ළමුන් සඳහා හෙල්මට් නොපැලඳීම හෝ සුදුසු ප්‍රමිතියෙන් යුත් හෙල්මට් නොමැතිවීම ඊට ප්‍රධාන ගැටලුවක් වී ඇති බවයි. මෙරට සිදුවන මාර්ග අනතුරු හේතුවෙන් … දිනකට මාර්ග අනතුරුවලින් 9 කට දිවි අහිමි වෙද්දී යතුරුපැදි අනතුරු තවත් ඉහළට

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අදත් උදේ ඉදන් සෙනග – නෙත් එෆ් එම් ඇල්ෆා ස්ටුඩියෝවටත් ඉහළ ප්‍රතිචාර

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හතර වන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකයි. පසුගිය දින තුනේදී මෙන්ම අද පෙරවරුවේ සිටද පාඨකයන් බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙමින් සිටිනවා. මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුදැරියන්ට පොත් පත් පරිත්‍යග … කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අදත් උදේ ඉදන් සෙනග – නෙත් එෆ් එම් ඇල්ෆා ස්ටුඩියෝවටත් ඉහළ ප්‍රතිචාර

යෝෂිතගේ නඩුවක් කැඳවීමට දින දෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවක් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා. දෙවන … යෝෂිතගේ නඩුවක් කැඳවීමට දින දෙයි

සෞදි විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවේ සංචාරයක

සෞදි අරාබි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු නිල සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නුවර වෙත පැමිණ තිබෙනවා. සෞදි රාජ්‍ය පුවත් සේවය සඳහන් කළේ මෙම සංචාරයේදී සෞදි විදේශ අමාත්‍යවරයා, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා … සෞදි විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාවේ සංචාරයක

ශානි සහ රවී සෙනෙවිරත්නට එරෙහි පෙත්සම දෙකක් ඉවත දැමේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරුන්ටත්, ගරු සිරිල් ගාමිණී පියතුමන්ටත් එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළා. ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන්ද ගරු සිරිල් ගාමිනී පියතුමන් ද අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමිනුයි මෙම පෙත්සම් දෙක ගොනුකර තිබුණේ. විශ්‍රාමික … ශානි සහ රවී සෙනෙවිරත්නට එරෙහි පෙත්සම දෙකක් ඉවත දැමේ

“මම ඊලාම්” කී Netflix සුරූපිනිය බේරගන්න සමාජ මාධ්‍ය මෙහෙයුමක් – ශ්‍රී ලංකා කොඩිය පෙන්නූ යොහානිට දිගට හරහට පහර දෙයි

රංගන ශිල්පිණි මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ට එරෙහිව තවදුරටත් වර්ධනය වෙමින් තිබෙන විරෝධයට ප්‍රතිචාර ලෙස කිසියම් කණ්ඩායමක් ශ්‍රී ලාංකික ගායන ශිල්පිනි යොහානි ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය විරෝධයක් නිර්මාණ කරමින් සිටින බව වාර්තා වනවා. ඒ අනුව, මෙම කණ්ඩායම යොහානිගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ඇය හෙළා දකිමින් කමෙන්ට් පළ කරමින් සිටින බවයි වාර්තා වන්නේ. මෙමගින් සමාජ මාධ්‍යය තුළ යොහානි අප්‍රසාදයට … “මම ඊලාම්” කී Netflix සුරූපිනිය බේරගන්න සමාජ මාධ්‍ය මෙහෙයුමක් – ශ්‍රී ලංකා කොඩිය පෙන්නූ යොහානිට දිගට හරහට පහර දෙයි

දකුණු ලෙබනනයට යළි ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

දකුණු ලෙබනන කලාපයට ඊශ්‍රායල හමුදාව නැවතත් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ අනුව දකුණු ලෙබනනයේ බින්ට් ජබීල් දිස්ත්‍රික්කයේ තිබ්නින් සහ හැරිස් යන නගර අතර පිහිටි ප්‍රදේශයකට එලෙස මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත්, එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී … දකුණු ලෙබනනයට යළි ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

මාදම්පේ යතුරු පැදි අනතුරකින් එකම පවුලේ පිරිමි ළමුන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට – ඔවුන්ගේ මවට බරපතල තුවාල

යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් ඔවුන්ගේ මව බරපතල තුවාල ලබා තිබෙනවා. අද අළුයම 5.30 ට පමණ එම අනතුරව සිදුව ඇත්තේ මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ හැළබණ්ඩාරගම ප්‍රදේශයේදී බවයි නෙත් නිවුස් නියෝජිත ජුඩ් සමන්ත පැවසුවේ. අනතුරින් මිය ගොස් ඇත්තේ දුම්මලසූරිය – වීරකොඩියානේ පදිංචිව සිටි වයස අවුරුදු 17 … මාදම්පේ යතුරු පැදි අනතුරකින් එකම පවුලේ පිරිමි ළමුන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට – ඔවුන්ගේ මවට බරපතල තුවාල