Nishan Neth News

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 4 වන දිනය අද – පළමු දින තුනේදි ආපු පිරිස ලක්‍ෂ දෙක හමාරත් ඉක්මවයි

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හතරවන දිනය අදයි. අද දිනයේද පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘතයි. පසුගිය දින තුන තුළ ලක්‍ෂ දෙකහමාරක පමණ පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල … කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 4 වන දිනය අද – පළමු දින තුනේදි ආපු පිරිස ලක්‍ෂ දෙක හමාරත් ඉක්මවයි

පාකිස්තානයේ බෝම්බ ප්‍රහාර‍යේදී තුවාලකරුවන් රැගෙන ගිය ගිලන් රථයකටත් වෙඩි

පාකිස්තානයේ වයඹදිග කලාපයේ මාර්ගස්ථ පොලිස් පරීක්ෂණ සෞඛ්‍ය මුරපොලක් ඉලක්ක කරගනිමින් සෙනසුරාදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව නිලධාරීහු පවසති. මෙම ප්‍රහාරයෙන් පසුව තුවාලකරුවන් රෝහල් ගත කරමින් සිටි ගිලන් රථයකටද සන්නද්ධ තුවක්කුකරුවන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඛයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ ඩේරා … පාකිස්තානයේ බෝම්බ ප්‍රහාර‍යේදී තුවාලකරුවන් රැගෙන ගිය ගිලන් රථයකටත් වෙඩි

බ්‍රිතාන්‍යයේ RAF ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය 5 දෙනෙකු අත්අඩංගුවට

එක්සත් රාජධානියේ රාජකීය ගුවන් හමුදා (RAF) කඳවුරක් දෙසට ධාවනය වෙමින් තිබූ සැකකටයුතු වාහන 3 ක් සම්බන්ධයෙන් එරට පොලිසිය පරීක්ෂණ ආරම්භ  කර තිබෙනවා . ඒ,ත්‍රස්තවාදී ක්‍රියාවක් සැලසුම් කිරීම සහ පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සැකය මත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පොලිසිය පවසන්නේ  අදාළ රාජකීය ගුවන් හමුදා කඳවුර දෙසට සැකකටයුතු ලෙස ධාවනය වන වාහන කිහිපයක් පිළිබඳව … බ්‍රිතාන්‍යයේ RAF ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය 5 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාව සහ ගල්ෆ් රටවල් අතර වෙළඳ සබඳතා තර කෙරේ

ඉන්දියාව සහ ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය (GCC) අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම (FTA) හරහා දෙපාර්ශ්වයේම පූර්ණ ද්විපාර්ශ්වික වෙළඳ විභවතාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. වසර විස්සකට පෙර අඩපණ වූ වෙළඳ සාකච්ඡා නැවත ආරම්භ කරමින්, ඉන්දියාව සහ ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය විසින් පසුගිය පෙබරවාරි මාසයේදී නිදහස් වෙළඳ ගිවිසුම සඳහා … ඉන්දියාව සහ ගල්ෆ් රටවල් අතර වෙළඳ සබඳතා තර කෙරේ

ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් බලාපොරොත්තුව රුමේෂ් තරංග අද තරඟ බිමට

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රන් පදක්කම් බලාපොරොත්තුව වන රුමේෂ් තරංග අද (28) පස්වරුවේ තරග බිමට පිවිසීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4:55 ට හෙල්ල විසිකිරීමේ අවසාන තරගය පැවැත්වෙන අතර, එහිදී ඔහු පදක්කම වෙනුවෙන් තරග වදිනවා. මෙවර ආසියානු තරග බිමේදී මීටර් 92.62 ක ජාතික වාර්තාවකට හිමිකම් කියන රුමේෂ් … ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් බලාපොරොත්තුව රුමේෂ් තරංග අද තරඟ බිමට

එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වුණු තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 223 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ලන්ඩන් හි ඕවල් (The Oval) ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී … එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

ලෝකයේ වේගයෙන්ම දියුණු වන සංචාරක ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාවත්

ලොව වේගයෙන්ම දියුණු වන සංචාරක ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබෙනවා. ඒ, ​ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කරන ලද 2026 නවතම සංචාරක හා සංචාරක සංවර්ධන ශ්‍රේණිගත කිරීමට අනුවයි. ​2024 ට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකය සියයට 4.3 න් ඉහළ ගොස් තිබෙනවා. ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කරන ලද නවතම … ලෝකයේ වේගයෙන්ම දියුණු වන සංචාරක ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාවත්

සීගිරියේදී විදේශිකයන්ට සුපිරි සත්කාරයක් – කිරිබත් කැවුම් කවලා තැඹිලිත් පොවලා පාපැදියෙනුත් යවයි

අදට යෙදී ඇති ලෝක සංචාරක දිනය සමරමින් ජාතික සංචාරක රියදුරන්ගේ සංගමය සීගිරිය කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබුණා. ඒ අනුව සීගිරිය පව්ව අසලට පැමිණි විදේශිකයන් ඇතුළු පිරිස් පිළිගනු ලැබූයේ බුලත් හුරුලුදීයි. ජාතික ධජය එසවීමටත් ජාතික ගීය ගායනයට සහ පොල්තෙල් පහන දැල්වීමටත් විදේශිකයන් සහභාගී කරවා ගැනුණා. විදේශිකයන් ඇතුළු පැමිණි පිරිස් වලට කිරිබත්, කැවුම් සහ කොකිස් … සීගිරියේදී විදේශිකයන්ට සුපිරි සත්කාරයක් – කිරිබත් කැවුම් කවලා තැඹිලිත් පොවලා පාපැදියෙනුත් යවයි

බද්දේගම වෙඩි තැබීමක් – කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී අද (27) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථයක් ඉලක්ක කර ගනිමින් T-56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් මෙම ප්‍රහාරය මෙහෙයවන්නට ඇති බවට දැනට සැක … බද්දේගම වෙඩි තැබීමක් – කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට