Nishan Neth News

ගාල්ලේ සුරාබදු වැටලීම් කිහිපයක්

ගාල්ල මිලිද්දුව, අක්මීමන, වලහන්දූව, උණවටුන, දලවැල්ල ආදී ප්‍රදේශවල කරන ලද වැටලීම්වලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි තරුණයෙන් 12 දෙනකු සහ නීතිවිරෝධී මත්පැන් ළඟ තබාගෙන සිටි තරුණයින් 06 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගාල්ල සුරාබදු නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගත් සැකකරුවන්   ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතයි.    

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත ගැසට් කෙරේ

  දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් හඳුන්වාදීම වෙනුවෙන් සකස් කළ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නියමය පරිදි 2026 සැප්තැම්බර් 22 වන දින ගැසට් මගින් පළ කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 1979 අංක 49 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික … ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත ගැසට් කෙරේ

නාමල් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද  නියම කළා නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (23)  ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණා. කෙසේවෙතත්  ඊට අදාළ කරුණු කිහිපයක් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත්, ඒ අනුව අදාළ කරුණු ලබන 30 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් … නාමල් යළි රිමාන්ඩ්

හරක් කටා – කෙහෙල්බද්දර පද්මේ ගැටෙයි – බන්ධනාගාරයෙන් විමර්ශනයක්

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ අතර ගැටුමක් හටගෙන තිබෙනවා. ඒ ඔවුන් රඳවා සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත විශේෂ බන්ධනාගාර ඒකකය තුළදීයි. ඊයේ පස්වරුවේ රාත්‍රී ආහාර ලබාදීම සඳහා එහි රඳවා සිටින රඳවියන් පිටතට ගෙන ආ අවස්ථාවේදී එම ගැටුම හටගෙන තිබෙනවා. එම ගැටුමේදී කෙහෙල් බද්දර පද්මේ සුළු තුවාල … හරක් කටා – කෙහෙල්බද්දර පද්මේ ගැටෙයි – බන්ධනාගාරයෙන් විමර්ශනයක්

ඇම්නෙස්ටි ජාත්‍යන්තරයෙන් පකිස්තානයට දැඩි චෝදනා

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනා ඇතුළු පවුලේ ඥාතීන් සහ පකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සිය කනස්සල්ල පළකරයි. ලබන සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමනට පෙර එල්ල වූ මෙම මර්දනය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ දකුණු ආසියානු නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ බාබූ රාම් පාන්ට් පවසන්නේ, … ඇම්නෙස්ටි ජාත්‍යන්තරයෙන් පකිස්තානයට දැඩි චෝදනා

ඉන්දු – නවසීලන්ත නිදහස් වෙළඳ ගිවිසුම ගැන ඉන්දියාවෙන් ප්‍රකාශයක්

ඉන්දියාව සහ නවසීලන්තය අතර පසුගිය අප්‍රේල් මාසයේදී අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුම ලබන ඔක්තෝබර් 20 වනදා සිට බලාත්මක වන බව ඉන්දියානු වෙළඳ අමාත්‍ය පියුෂ් ගෝයාල් සඳහන් කරයි. ගෝලීය වෙළඳපොළේ සිදුවන වෙනස්කම් හමුවේ අපනයන ඉහළ නැංවීම සහ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ඉන්දියාව දරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන ඇත. දෙරටම මෙම ගිවිසුම සම්මත කර … ඉන්දු – නවසීලන්ත නිදහස් වෙළඳ ගිවිසුම ගැන ඉන්දියාවෙන් ප්‍රකාශයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි – 9 දෙනෙකු නිදොස්කොට නිදහස්

පාස්කු ඉරුන ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර්  මවුලවී ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. අදාල චෝදනා එල්ල වී සිටි තවත් විත්තිකරුවන් නව දෙනකු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරු මඩුල්ල නියම කර සිටියා. විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා නඩුව කල් තබා තිබෙනවා.

ආසියානු බොක්සින් වලල්ලේදී ශ්‍රී ලංකාවට තවත් ජයක් – නදීකා පුෂ්පකුමාරී ලාලා කාගාර් පරදවයි

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං කාන්තා කිලෝ ග්‍රෑම් 51 බර පන්තියේ මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරී අද ජයග්‍රහණයක් හිමිකර ගත්තා. ඇය මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ ඇෆ්ඝනිස්ථාන ක්‍රිඩිකාවක වන ලාලා කාගර් පරාජය කරමින්. තරඟයේ අවසන් ප්‍රතිඵලය ලකුණු 5ට 0ක් ලෙස සටහන් වුණා. තරගය පුරාම නදීකා පුෂ්පකුමාරී ඇෆ්ඝනිස්ථාන ක්‍රිඩිකාවට එරෙහිව සිය අණසක පැතිර වූ බවයි … ආසියානු බොක්සින් වලල්ලේදී ශ්‍රී ලංකාවට තවත් ජයක් – නදීකා පුෂ්පකුමාරී ලාලා කාගාර් පරදවයි

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා රිදී පදක්කම ශ්‍රී ලංකාවට – ඉන්දියාව රන් පදක්කම දිනයි

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුණා. එහි රන් පදක්කම දිනා ගත්තේ ඉන්දියාවයි. රන් පදක්කම සඳහා වූ දෙපිල අතර අවසන් තරගය අද පැවැත්වුනා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 216යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 69ට … ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා රිදී පදක්කම ශ්‍රී ලංකාවට – ඉන්දියාව රන් පදක්කම දිනයි