Nishan Neth News

ආසන පටි නොමැති වාහන අධිවේගී මාර්ගවලට ඇතුළු කිරීම අද සිට තහනම්

ආසන පටි නොමැති රථ වාහන අධිවේගී මාර්ගවලට ඇතුළු කිරීමට අද සිට අවසර ලබා නොදෙන බව පොලීසිය පවසනවා. ඒ අනුව අද සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලීසිය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ද අදහස් පලකලා. ”අත්‍යවශ්‍ය නීති ප්‍රමාණයක් හඳුන්වා දීලා තියෙනවා මාර්ග … ආසන පටි නොමැති වාහන අධිවේගී මාර්ගවලට ඇතුළු කිරීම අද සිට තහනම්

සත්ව හිංසනයට විරුද්ධ වූ ශ්‍රී ලාංකික තරුණයෙකුට සෞදි අරාබියේදී මරණ දඬුවම නියමවෙයි – විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

අම්පාර, කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් නමැත්තාට සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇතැයි වාර්තා වනවා. ඒ ඔහු සිය ෆෙස්බුක් ගිණුමේ තැබූ සටහනකින් නබි නායක තුමාට හා ස්ලාම් දහමට අපහාස වූ බවට නඩු විභාගයකින් තීරණය කිරීමෙන් පසුවයි. රුහුණු මහා කතරගම දේවාලයේ පාද යාත්‍රාවට එක්ව සිටි පිරිස සමඟ සුනඛයෙකු ගමන් කරන ආකාරයත් … සත්ව හිංසනයට විරුද්ධ වූ ශ්‍රී ලාංකික තරුණයෙකුට සෞදි අරාබියේදී මරණ දඬුවම නියමවෙයි – විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

තලේබාන් සංවිධානයෙන් පාකිස්තානයට අනතුරු ඇඟවීමක් – ගැටලු විසඳීමට සවුදි අරාබියේ මැදිහත්වීම ඉල්ලයි

අෆ්ගනිස්තාන භූමිය තුළ කිසිදු හමුදා ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබීහුල්ලා මුජාහිඩ් පාකිස්තානයට අනතුරු අඟවා තිබේ. එමෙන්ම, තලේබාන් පාලනය සහ ඉස්ලාමාබාද් අගනුවර අතර පවතින මතභේද විසඳීම සඳහා මැදිහත් වන ලෙස ඔහු සෞදි අරාබියෙන් ඉල්ලා සිටියි. Al Arabiya පුවත් සේවයට අදහස් දක්වමින් මුජාහිඩ් සඳහන් කළේ, තලේබාන් සංවිධානය සවුදි අරාබිය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර … තලේබාන් සංවිධානයෙන් පාකිස්තානයට අනතුරු ඇඟවීමක් – ගැටලු විසඳීමට සවුදි අරාබියේ මැදිහත්වීම ඉල්ලයි

වයඹදිග පකිස්තානයේ පොලිස් සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්: පොලිස් නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු 21 ක් ජීවිතක්ෂයට

  පකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ කොහාට් දිස්ත්‍රික්කයේ පිහිටි පැරණි පොලිස් සංකීර්ණයක් ඉලක්ක කරගනිමින් සිකුරාදා යාච්ඤාව පැවැත්වෙමින් තිබූ අවස්ථාවේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 16 දෙනෙකු සහ සිවිල් වැසියන් පස්දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ප්‍රහාරයෙන් තවත් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව නිලධාරීන් උපුටා දක්වමින් … වයඹදිග පකිස්තානයේ පොලිස් සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්: පොලිස් නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු 21 ක් ජීවිතක්ෂයට

මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්තානයෙන් දැඩි පිරිමැසුම් තීරණ රැසක්

මැදපෙරදිග හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිළ සීඝ්‍රයෙන් ඉහළ යාමට පිළියමක් ලෙස සහ බලශක්තිය සුරැකීමේ අරමුණින් පාකිස්තාන රජය විසින් දැඩි පිරිමැසුම් පියවර මාලාවක් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව රාජ්‍ය වාහන සඳහා ලබා දෙන ඉන්ධන කප්පාදු කිරීම, රජයට අලුතින් වාහන මිලදී ගැනීම, රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ සංචාර සහ නිල රාත්‍රී භෝජන සංග්‍රහයන් … මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්තානයෙන් දැඩි පිරිමැසුම් තීරණ රැසක්

තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

වටවල, බින්ඔය වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසක් අද දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. එහිදි තුවාල ලැබූ වතු කම්කරුවන් පස් දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්‍ෂ පැවසුවේ. වතුයායේ තේ ගසක් මැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එම වතු කම්කරුවන් බඹර ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

දකුණු පිලිපීනයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට – තවත් කිහිප දෙනෙකුට තුවාල

දකුණු පිලිපීනයේ මින්ඩනාඕ පළාතේ පිහිටි බන්ගා ජාතික උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගැන මෙතෙක් අනාවරණ වී නැහැ. එම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු බන්ගා ප්‍රදේශයේ සියලුම පාසල්වල පන්ති පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

උදාකර ගත් ආර්ථික ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අරමුණයි – ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියොජිතයන් ඉදිරියේ කියයි

මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික දර්ශකවලින් පෙන්නුම් කෙරෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එම ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ, මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි. එහිදී ශ්‍රී ලංකාව මේ … උදාකර ගත් ආර්ථික ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අරමුණයි – ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියොජිතයන් ඉදිරියේ කියයි

සිංගප්පූරු ගිය ශිරන්ති යළි ලංකාවට එන්න සූදානමක

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය යළි දිවයිනට පැමිණීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. අසනීප තත්ත්වයකින් පසු වූ ඇය හෘද සැත්කමක් සිදුකිරීම සදහා පසුගිදා සිංගප්පූරුව බලා පිටත්ව ගියා. කෙසේවෙතත් එම සැත්කම සිංගප්පූරුවේදී සිදු නොකර ශ්‍රී ලංකාවේදී සිදු කිරීමට ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය තීරණය කර ඇති බවයි වාර්තා වුණේ. ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටතදී සිදුවූ … සිංගප්පූරු ගිය ශිරන්ති යළි ලංකාවට එන්න සූදානමක