Nishan Neth News

නේපාලයට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව අනුමැතිය දෙයි

පසුගිය මාසයේ හිමාල කලාපීය රටක් වන නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එහි විදුලි උත්පාදන ධාරිතාවෙන් දහයෙන් එකක් පමණ විනාශ වී යාමෙන් අනතුරුව, දෙසැම්බර් 31 වනදා දක්වා දිනකට පැය 18ක් බැගින් නේපාලයට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව අනුමැතිය ලබා දී ඇති බව ඉන්දීය විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ග්ලැසියර කඩා වැටීමක් හේතුවෙන් හටගත් මෙම ගංවතුර තත්ත්වය … නේපාලයට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව අනුමැතිය දෙයි

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. ​ඇය සමඟ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා මහත්මිය ද මෙලෙස පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ​ඔවුන් අද අලුයම 1.10 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් මෙලෙස දිවයිනෙන් … ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවට යයි

වාරිමාර්ග දෙපාර්තුමේන්තුවෙන් දැනුම් දීමක්

ඇදහැළෙන වැසි හමුවේ දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. කෙසේවෙතත් මේ වනවිට කිසිදු ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පෙන්නුම් නොකරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. පසුගිය පැය 24 තුළ ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගිං  ගඟ පහළ ප්‍රදේශයේ, බද්දේගම ආසන්න ස්ථාන කිහිපයක … වාරිමාර්ග දෙපාර්තුමේන්තුවෙන් දැනුම් දීමක්

දුම්රියේ ගැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කළුතර  දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියේ ගැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුරය දක්වා දුම්රියෙන් ගමන් කිරීමට කළුතර දකුණ දුම්රිය ස්ථානයේ දකුණු පසින් පදික වේදිකාවට පැමිණීම සඳහා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී කාන්තාවන් තිදෙනෙකු  දුම්රියේ ගැටී ඇති බවයි නෙත් නිව්ස් නියෝජිතයා පැවසුවේ. ඒ, අද අලුයම 4.30ට පමණයි. එකම පවුලේ මව සහ දියණිය සහ තවත් ඥාති … දුම්රියේ ගැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට – ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, වයඹ … පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට – ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

එංගලන්තයට විස්සයි විස්ස ක්‍රිකට් ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 119 ක  ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 254 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියලුදෙනා … එංගලන්තයට විස්සයි විස්ස ක්‍රිකට් ජයක්

කළුබෝවින අවිශ්කගේ සමීපතමයෙකු කෝටි දෙක හමාරක මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළුබෝවිල අවිශ්ක නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වු බව කියන ඔහුගේ සමීපතමයෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් කළුබෝවිල, පිරිස් මාවත ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදීයි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 10 … කළුබෝවින අවිශ්කගේ සමීපතමයෙකු කෝටි දෙක හමාරක මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

දෙහිවල, කඩවත පාර ප්‍රදේශයේදී පසුගිය 4 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අදාළ අපරාධය සදහා යොදාගත් යතුරු පැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇත්තේ මෙම සැකකරු බවයි පොලිසීය පැවසුවේ. ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. සැකකරු වැඩිදුර … දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

මීගහකිවුලේ රිය අනතුරක් – පස් දෙනෙකුට තුවාල

බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල 16 කණුව හන්දිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 5දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පෞද්ගලික බස් රථයක්, යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ යතුරුපැදිකරු, ත්‍රිරෝද රථය පදවාගෙන ආ කාන්තාව, එහි ගමන් ගත් අවුරුදු හතර හමාරක දැරිය සහ … මීගහකිවුලේ රිය අනතුරක් – පස් දෙනෙකුට තුවාල