Nishan Neth News

මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගැලාර්ඩෝ මියයයි

මෙක්සිකෝවේ පළමු ප්‍රධාන මත්ද්‍රව්‍ය කල්ලියක් වූ ‘ගුවාඩලජාරා‘ කල්ලියේ නිර්මාතෘ මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගැලාර්ඩෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 80 වන වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දින දෙකකට පෙර ගුවාඩලජාරා නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි ඔහු, ශරීරයේ අවයව කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් මියගොස් ඇති බව ප්‍රාදේශීය ආරක්ෂක බලධාරීන් … මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගැලාර්ඩෝ මියයයි

ඇෆ්ගනිස්ථාන වෙළෙඳාම අත්හිටුවීමත් සමඟ පාකිස්තානයේ දෙළුම් මිල දෙගුණයකටත් වඩා ඉහළ යයි

ඇෆ්ගනිස්ථානය සමඟ පැවති වෙළෙඳ කටයුතු අත්හිටුවීම හේතුවෙන් ඇෆ්ගන් පලතුරු සැපයුම අඩාල වී වෙළෙඳුන්ට දේශීය නිෂ්පාදන මත යැපීමට සිදුවීමත් සමඟ පාකිස්තානයේ දෙළුම් මිල දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව ‘අරාබි නිවුස්’ පුවත් සේවය වාර්තා කළේය. බලුකිස්තාන් පළාතේ අගනුවර වන ක්වෙටා නගරයේ උසස් තත්ත්වයේ දෙළුම් කිලෝග්‍රෑමයක් මේ වන විට පාකිස්තාන රුපියල් 900ක් පමණ මිලකට අලෙවි වන අතර, … ඇෆ්ගනිස්ථාන වෙළෙඳාම අත්හිටුවීමත් සමඟ පාකිස්තානයේ දෙළුම් මිල දෙගුණයකටත් වඩා ඉහළ යයි

හලාවත නිවසකින් ලක්ෂ 12කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු සොයා පොලිස් විමර්ශන

හලාවත – බංගදෙණිය, පල්ලම පාර ප්‍රදේශයේ නිවසක ගෙහිමියන් රාත්‍රී කාලයේ නිදා සිටියදී නිවසට ඇතුළු වූ අයෙකු රුපියල් ලක්ෂ 12කට ආසන්න මුදල් සහ රන් ආභරණ සොරකම් කර පලා ගොස් තිබෙනවා. සැමියා එක් කාමරයකත්, බිරිඳ සහ දියණිය තවත් කාමරයකත් නිදා සිට තිබෙනවා. සුදු පැහැති කොලරයක් සහිත ඇඳුමක් හැඳ සිටි පුද්ගලයෙකු කාමරය තුළ සිටිනු දුටු දියණිය දැඩි ලෙස … හලාවත නිවසකින් ලක්ෂ 12කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු සොයා පොලිස් විමර්ශන

හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම්ගේ අභාවය වෙනුවෙන් උතුරු පළාතේ කළු කොඩි එසවේ

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතාගේ මරණය වෙනුවෙන් ශෝකය පළ කරමින් උතුරු පළාතේ නගර පුරා කළු කොඩි ඔසවා තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු සිදු කළ මෙහෙය සිහිපත් කිරීම සඳහා වවුනියාව සහ යාපනය ඇතුළු නගරවල මෙලෙස කළු කොඩි ඔසවා ඇති බවයි වාර්තා වන්නේ. යුද්ධයෙන් අනතුරුව උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම්, අතුරුදහන්වූවන් සහ … හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම්ගේ අභාවය වෙනුවෙන් උතුරු පළාතේ කළු කොඩි එසවේ

යේමන් ගුවන් තොටුපළකට ගුවන් ප්‍රහාරයක්

යේමනයේ රතු මුහුදේ වෙරළ තීරයේ පිහිටි හොඩෙයිඩා ගුවන් තොටුපළ වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව හවුති සංවිධානයට අනුබද්ධ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම යේමනයේ තායිස් පළාතේ අල්-ෂමයටේන් දිස්ත්‍රික්කයේ පිහිටි හිජාත් අල්-අබ්ද් ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බවද එම මාධ්‍ය පවසනවා. යේමනයේ විශාලතම නගරවලින් එකක් වන තායිස් නගරය, ජාත්‍යන්තරව පිළිගත් රජයේ අන්තර්වාර අගනුවර වන … යේමන් ගුවන් තොටුපළකට ගුවන් ප්‍රහාරයක්

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය පස්වරුවේ තවත් දරුණු වෙයි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම ගැඹුරු පීඩන අවපාතය අද පස්වරුවේ දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචිත් … බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය පස්වරුවේ තවත් දරුණු වෙයි

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ මාතලේ කාර්මික ශිල්පියෙක් කටුනායකදී අත්අඩංගුවට

‘කුෂ්‘ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මාතලේ ප්‍රදේශයේ පදිංචි කාර්මික ශිල්පියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය එක්ව සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට දිවයිනට පැමිණ ඇති එම සැකකරු ගමන් මලු දෙකක විදේශීය මත්පැන් බෝතල් පෙට්ටි තුළ සූක්ෂම ලෙස සඟවා මෙම … කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ මාතලේ කාර්මික ශිල්පියෙක් කටුනායකදී අත්අඩංගුවට

වැඩි කළ ලාෆ්ස් ගෑස් මිල ගැන ආණ්ඩුව යළි කතා කරයි

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද කැඳවීමට පියවර ගෙන තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ එම සමාගමේ නිලධාරීන්ට උදෑසන 10ට පැමිණ මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දී ඇති බවයි. පසුගිය 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල … වැඩි කළ ලාෆ්ස් ගෑස් මිල ගැන ආණ්ඩුව යළි කතා කරයි

රජයේ පශු වෛද්‍යවරුන් තීරණයක් ගනී

නිලධාරී හිඟය, පහසුකම් නොමැතිකම, අයවැයෙන් සුදුසු දීමනා ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට දිනයේදි ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කළ බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවය තුළ පශු වෛද්‍ය නිලධාරීන් 931 දෙනෙකු සිටිය යුතු වුවද මේ වන විට සේවයේ නිරතව සිටින්නේ නිලධාරීන් 600ක් … රජයේ පශු වෛද්‍යවරුන් තීරණයක් ගනී