Nishan Neth News

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නව උප සභාපතිවරයා තේරී පත්වෙයි

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුව පැවති උප සභාපති ධූරය සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ රෙන්ගසාමි කාමරාජා මහතා තේරී පත්ව තිබෙනවා. සභා රැස්වීම් ශාලාවේදී අද (16) පැවති විවෘත ඡන්ද විමසීමකදී ඒ මහතා ඡන්ද 11ක් ලබා ගනිමින් මෙලෙස තේරී පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එම සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ සමගි ජන බලවේගයේ නඩරාජා සිවකුමාර් මහතා ඉල්ලා අස්වීම … නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නව උප සභාපතිවරයා තේරී පත්වෙයි

හික්කඩුව වෙරළ තීරයේදී දිය වැලකට හසුවූ විදෙස් ජාතිකයෙක් ජීවිතක්‍ෂයට

හික්කඩුව, නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු දිය වැළකට හසුව ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දියේ ගිලුණු විදේශිකයා ප්‍රදේශවාසීන් විසින් ගොඩට රැගෙන විත් බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 71ක් වූ ජර්මන් ජාතිකයෙක්. මෘත ශරීරය පශ්චාත් මරණ … හික්කඩුව වෙරළ තීරයේදී දිය වැලකට හසුවූ විදෙස් ජාතිකයෙක් ජීවිතක්‍ෂයට

පිරිසකට විතරක් පඩි වැඩි කළාට පඩි වැඩි නොවූ රජයේ සේවකයෝ කුපිත වෙති

රජයේ ඇතැම් ක්‍ෂේත්‍රවල පිරිසකට පමණක් වැටුප් වැඩි කිරීමට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව සම්බන්ධයෙන් සෙසු ක්‍ෂේත්‍රවල පාර්ශවයන්ගෙන් ආණ්ඩුවට තවදුරටත් චෝදනා එල්ල වනවා. පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල සමන් කුමාර මහතා පැවසුවේ අදාළ යෝජනාව සංශෝධනය කර වැඩ කරන කම්කරු ජනතාවටද සහනයක් සැලසීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවයි. … පිරිසකට විතරක් පඩි වැඩි කළාට පඩි වැඩි නොවූ රජයේ සේවකයෝ කුපිත වෙති

ගිරිඋල්ලේ මාරක රිය අනතුරක්

ගිරිඋල්ල – මීගමුව මාර්ගයේ පහළ නාරංගමුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ටිපර් රථයක් ප්‍රධාන මාර්ගයට ගැනීම සඳහා පිටුපසට ධාවනය කරමින් සිටියදී, ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ගිරිඋල්ල පොලීසිය පැවසුවේ. එහිදි බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව … ගිරිඋල්ලේ මාරක රිය අනතුරක්

හෝමූස් සමුද්‍ර සන්ධියට නැගෙනහිරින් වාණිජ නෞකාවක් මුහුදු බෝම්බයක ගැටී ගිනි ගනී

හෝමූස් සමුද්‍ර සන්ධියට නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී වාණිජ නෞකාවක් මුහුදු බෝම්බයක ගැටීමෙන් ගිනිගෙන තිබෙනවා. ඉරාන නාවික හමුදා මහජන සම්බන්ධතා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අදාළ තෙල් නෞකාව තහනම් කරන ලද මුහුදු කලාපයකට ඇතුළු වූ අවස්ථාවේදී මෙලෙස මුහුදු බෝම්බයේ ගැටී ඇති බවයි. ලුහුබැඳීමේ පද්ධති අක්‍රිය කර, තහනම් සහ අනාරක්ෂිත මුහුදු කලාපවලට අනවසරයෙන් ඇතුළු වීම … හෝමූස් සමුද්‍ර සන්ධියට නැගෙනහිරින් වාණිජ නෞකාවක් මුහුදු බෝම්බයක ගැටී ගිනි ගනී

රෝහලෙන් අනුරාධපුර බන්ධනාගාරයට අරන් ගිය කස්සප හිමිට වෙච්ච දේ

රිමාන්ඩ් භාරයට පත්ව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හත් දෙනා අනුරාධපුර බන්ධනාගාරයේ රැදවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, එම පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් කළ නිර්දේශ මතයි. ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේ තුන් නම අනුරාධපුර බන්ධනාගාරයේ වෙනම වාට්ටුවක විශේෂ ආරක්‍ෂාවක් යටතේ රැදවූ … රෝහලෙන් අනුරාධපුර බන්ධනාගාරයට අරන් ගිය කස්සප හිමිට වෙච්ච දේ

ක්‍රිෂ් නඩුවට නාමල් කොළඹ මහාධිකරණයට රැගෙන එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකුට සිතාසි භාරදී තිබේදැයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා ජනවාරි මස 18 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා … ක්‍රිෂ් නඩුවට නාමල් කොළඹ මහාධිකරණයට රැගෙන එයි

පාරිභෝගික අධිකාරියට ආ ලාෆ්ස් ලෝක්කෝ එළියට එද්දී පිරිසක් සිලින්ඩර් අරගෙන විරෝධතාවක

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් අද පෙරවරුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හමුවේ පෙනී සිටියා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළ දැනුම්දිමකට අනුවයි. එම සමාගමේ නිලධාරීන් අදාළ සාකච්ඡාවට සහභාගි වී ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් විරෝධය දැක්වූවා. ලාෆ්ස් ගෑස් සිලින්ඩරද ඔසවාගෙන ඔවුන් එලෙස විරෝධතාවය පළ කළ … පාරිභෝගික අධිකාරියට ආ ලාෆ්ස් ලෝක්කෝ එළියට එද්දී පිරිසක් සිලින්ඩර් අරගෙන විරෝධතාවක

මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගැලාර්ඩෝ මියයයි

මෙක්සිකෝවේ පළමු ප්‍රධාන මත්ද්‍රව්‍ය කල්ලියක් වූ ‘ගුවාඩලජාරා‘ කල්ලියේ නිර්මාතෘ මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගැලාර්ඩෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 80 වන වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දින දෙකකට පෙර ගුවාඩලජාරා නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි ඔහු, ශරීරයේ අවයව කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් මියගොස් ඇති බව ප්‍රාදේශීය ආරක්ෂක බලධාරීන් … මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගැලාර්ඩෝ මියයයි