Nishan Neth News

ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ දිනය පසුවට – ජනප්‍රිය පාසල් ලකුණු නිකුත් කිරීම ගැනත් තීරණයක්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ජනප්‍රිය පාසැල් සදහා ඇතුලත් කර ගන්නා ලකුණු පසුව නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා. ඇය කියා සිටියේ ප්‍රතිපල නැවත සමීක්ෂණ දිනය ද පසුව දැනුම් දෙන බවයි. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම, ඔවුන් මානසික හිංසනයට ලක්කිරීම සහ … ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ දිනය පසුවට – ජනප්‍රිය පාසල් ලකුණු නිකුත් කිරීම ගැනත් තීරණයක්

චමරි අතපත්තු ලකුණු 5ට කඩුළු 7ක් දවා ගනී – ආසියානු තරග බිමේ ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්

චමරි අතපත්තුගේ විශිෂ්ට පන්දු යැවීම සහ නිලක්ෂිකා ද සිල්වාගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් පන්දුවාර විස්ස ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණය ද හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ ඉන්දුනීසියාව ලකුණු 75කින් පරාජය කරමින්. නායිකා චමරි අතපත්තු කඩුලු ත්‍රිත්වයක්ද සමග මෙහිදී කඩුලු 7ක් දවා ගත්තා. තරගගේ වීරවරිය ලෙස සම්මාන දිනාගත්තේ … චමරි අතපත්තු ලකුණු 5ට කඩුළු 7ක් දවා ගනී – ආසියානු තරග බිමේ ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (03) රාත්‍රි අටේ සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ සම්බන්ධයෙන් එම මණ්ඩලය නිකුත් කළ නිවේදනය පහතින්

කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක 9ක ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ 139 වෙයි

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 56,000ක් කඩඉම් ලකුණ ඉක්මවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල, මාතර, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක 9ක පමණක් සිංහල මාධ්‍යයේ කඩ ඉම් ලකුණ 139 බවයි වාර්තා වුණේ. එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු 135 වනවා. සිසුන් 20,000කට ශිෂ්‍යධාර හිමි වන අතර ඉන් 250ක් හිමි වන්නේ විශේෂ … කොළඹ, ගම්පහ, කුරුණෑගල, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක 9ක ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ 139 වෙයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ doentes.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කර ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 294,089ක් පෙනී සිටියා. විභාගය පැවැත්වුණේ රට පුරා මධ්‍යස්ථාන 2723කදීයි. විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව  ඉකුත් 20වනදා ආරම්භ වුණා. ඒ රට පුරා මධ්‍යස්ථාන 48කදි. … 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

එරාජ් ප්‍රනාන්දු සැක සහිත ලෙස මිය යයි

හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සැක සහිත ලෙස මිය ගොස් තිබෙනවා. බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ තිබී ඔහුගේ සිරුර සොයා ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔහු ගෙලවැලලාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවටයි සැක පල කෙරන්නේ. මියයන විට ඒ මහතා 57 වන වියේ පසු වුණා. 2014 වසරේ දී හම්බන්තොට … එරාජ් ප්‍රනාන්දු සැක සහිත ලෙස මිය යයි

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ආසන්නයට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාවට ආසන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එවන් පසුබිමක් යටත්  බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96 දක්වා ද, ඩබ්ලිව්.ටී.අයි (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92 දක්වා ද ඉහළ ගොස් තිබෙනවා. යලිත් උත්සන්න … ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ආසන්නයට

මැදපෙරදිග යලි උණුසුම් – ඇමෙරිකාවට අමතක නොවන පාඩමක් උගන්වන බවට ඉරානයෙන් තර්ජන

  ඇමෙරිකාව සහ ඉරානය අතර නැවතත් හමුදාමය ගැටුම් ආරම්භ වී ඇති අතර, ජෝර්දානයේ පිහිටි ‘ප්‍රින්ස් හසාන්’ ගුවන් හමුදා කඳවුරට සහ ඇමෙරිකානු මැරීන් බලකා කඳවුරකට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරාන විප්ලවීය අරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරනවා. ඉරාන උසස් නායක මොජ්තබා ඛමේනි (Mojtaba Khamenei) සඳහන් කරන්නේ වොෂින්ටනයට අමතක නොවන පාඩමක් උගන්වන බවයි. මේ … මැදපෙරදිග යලි උණුසුම් – ඇමෙරිකාවට අමතක නොවන පාඩමක් උගන්වන බවට ඉරානයෙන් තර්ජන

ජම්පරය අදින්න වූ හිටපු ඇමති පියංකර ජයරත්න වැලිකඩ ගත කරන ජීවිතය

සිරදඩුවම් නියමවූ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත ස්ථානයක රැඳවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ පස්වරු 5ට පමණ ඔහු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඉන් අනතුරුව පළමු සිදු කර ඇත්තේ සිරදඩුවම් නියම වන සිරකරුවන්ට ලබා දෙන ජම්පරය ඔහුට ද ලබාදීමයි. ඒ, වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වනවාත් සමගයි. … ජම්පරය අදින්න වූ හිටපු ඇමති පියංකර ජයරත්න වැලිකඩ ගත කරන ජීවිතය