Nishan Neth News

විදෙස්ගතව සැඟව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ පිළිබඳ චෝදනා ලැබූ විදෙස්ගතව සැඟව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අද අත්අඩංගුවට ගැනුණා. මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී ගිනි අවි සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයයි. ශ්‍රී ලංකාවෙන් බැහැරව ගොස් ඔවුන් අබුඩාබිහි සැගව සිට තිබෙනවා. ඔවුන් එරටින් පිටුවහල් කිරීමෙන් පසුව අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේයි කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන් අත්අඩංගුවට ගැනුනේ. මෙම … විදෙස්ගතව සැඟව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

හිපෝ බබාට නමක් තියමු

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුතින් උපත ලබා ඇති නයිල් හිපෝ පැටවාට සුදුසු නමක් යෝජනා කිරීමේ අවස්ථාව දැන් සතුන්ට ආදරය කරන දරුවන්ට ලැබී තිබෙනවා. පහත link එක click කර එහි සඳහන් තොරතුරු පුරවා ඔබ යෝජනා කරන ඉදිරිපත් කළ හැකියි. https://forms.gle/TE1LVndMqtBMva1fA මෙම තරඟයට සහභාගී වීමේ හැකියාව ඇත්තේ වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා පමණයි.

ශිරාන් බාසික් ගැන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අරන්දිකගෙනුත් පොලිසිය ප්‍රශ්න කරයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියා. ඒ, එම කාර්යාංශය කළ දැනුම්දීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සදහායි. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පසුගියදා ඩුබායි සිට දිවයිනට රැගෙන ආ ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් එලෙස ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි වාර්තා වුණේ. මේ … ශිරාන් බාසික් ගැන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අරන්දිකගෙනුත් පොලිසිය ප්‍රශ්න කරයි

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබෙනවා. මෙම පෙත්සම් ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග වනවා. අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් … දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

දෙමටගොඩදී ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි – කඩු සමග පස් දෙනෙකු අත්අඩංගුවට

දෙමටගොඩ පොලිස් වසමේ, වේළුවන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා. එම ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් සතුව තිබී කඩු තුනක් ද සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. ඔවුන් කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ සිට ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇති බවටයි … දෙමටගොඩදී ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි – කඩු සමග පස් දෙනෙකු අත්අඩංගුවට

සිරදඩුම් නියම වූ පියංකර ජයරත්න වැලිකඩ M වාට්ටුවේ – බන්ධනාගාරයෙන් ලැබෙන ආහාර ගැනත් හෙළි වෙයි

බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රදවා සිටිනවා. එම වාට්ටුවේ තවත් සිරකරුවන් 150 ක පමණ පිරිසක් සමග ඔහු රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. අධිකරණයෙන් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ හිටපු අමාත්‍යවරයාද වැඩ අංශයකට යොමු කළ යුතු වනවා. ඒ අනුව අද දිනයේ ඔහු … සිරදඩුම් නියම වූ පියංකර ජයරත්න වැලිකඩ M වාට්ටුවේ – බන්ධනාගාරයෙන් ලැබෙන ආහාර ගැනත් හෙළි වෙයි

පොහොට්ටුව අනුරපුරයෙන් අරඹන අලුත් ගමන ගැන අනාවරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 වනදා පැවැත්වෙන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය සැලසුම් කළ පරිදි අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදීම පවත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. මුල් අවස්ථාවේදි එම ක්‍රීඩාංගණය ලබානොදිමට බලධාරීන් තීරණය කළද පසුව සිය ජන රැළිය පැවැත්වීම සදහා එම ක්‍රීඩාංගණය ලබාදීමට බලධාරීන් අවස්ථාව සලසා දුන් බවද ඔහු පැවසුවා. … පොහොට්ටුව අනුරපුරයෙන් අරඹන අලුත් ගමන ගැන අනාවරණයක්

සෞදි තෙල් නැවකට ප්‍රහාරයක් – නාවිකයින් දෙදෙනෙකු මරුට – සෞදියෙන් කළ චෝදනාවට ඉරානයෙන් ප්‍රතිචාර

ඇමරිකාව සහ ඉරානය අතර යළි හටගෙන ඇති යුද ගැටුම්කාරී තත්ත්වය දීර්ඝ කාලයක් පවතින්නක් නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත්, ඕනෑම මොහොතක ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු සන්නද්ධ බලකායන් සූදානමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මේ අතර ඇමරිකාවේ මෙම තර්ජනාත්මක ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් … සෞදි තෙල් නැවකට ප්‍රහාරයක් – නාවිකයින් දෙදෙනෙකු මරුට – සෞදියෙන් කළ චෝදනාවට ඉරානයෙන් ප්‍රතිචාර

පොලීසියේ 160 වන සංවත්සර දිනය අද

ශ්‍රී ලංකා පොලිස් සේවයේ 160 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1866 සැප්තැම්බර් මස 03 වන දින බි්‍රතාන්‍ය පාලන සමයේදී ව්‍යවස්ථාපිතව පිහිටුවන ලද ශ්‍රී ලංකා පොලිසිය, සිය 160 වැනි අභිමානවත් සංවත්සරය මෙවර සමරනු ලබන්නේ මහජනතාව සහ පොලිසිය අතර සන්නිවේදනය හා විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්. මෙවර පොලිස් දින සැමරුම වෙනුවෙන් පොලිස්පතිවරයාගේ මඟපෙන්වීම යටතේ දිවයින පුරා විශේෂ … පොලීසියේ 160 වන සංවත්සර දිනය අද