Nishan Neth News

සරුංගල් යවන්නන්ට හදිසි දැනුම් දීමක්

අධිබලැති විදුලි රැහැන් අසල සරුංගල් යැවීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් එම පිරිස්වලින් යළි ඉල්ලීමක් කරනවා. එම ස්ථාන අසල සරුංගල් යැවීමෙන් අනතුරට ලක්ව රෝහල් ගතකරන ළමුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පැවසුවේ. “වාර්තා වෙන්න ගත්තා මේ සරුංගල් ආශ්‍රිතව විදුලි සැර වැදීම නිසා ගැඹුරු පිළිස්සුම් තුවාල සහිතව ඇතුළත් වෙන රෝගීන්ගේ ප්‍රවණතාවයක්. පහුගිය කාලයේ … සරුංගල් යවන්නන්ට හදිසි දැනුම් දීමක්

හෝකන්දරදී STF මෙහෙයුමක් – සැකකරුවෙකු කුෂ් සමග අත්අඩංගුවට

හෝකන්දර, වානගුරු මාවතේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී කුෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා මාලඹේ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. සැකකරු මෝටර් රථයකින් කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. එහිදී මෝටර් රථයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ දෙකයි ග්‍රෑම් 106කට … හෝකන්දරදී STF මෙහෙයුමක් – සැකකරුවෙකු කුෂ් සමග අත්අඩංගුවට

රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සදහා මන්ත්‍රීවරයා අද පෙරවරුවේ එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. ප්‍රකාශය ලබාගැනීමෙන් පසු ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණා. එහෙත් … රවී කරුණානායක අත්අඩංගුවට

අගවිනිසුරු ගැන ප්‍රශ්නාවලියක් සමග දයාසිරිගෙන් කතානායකට ලිපියක්

වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ, කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින්. මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් සභා ගර්භය තුළදී අගවිනිසුරු සම්බන්ධයෙන් මතු කළ කරුණු කිහිපයක් … අගවිනිසුරු ගැන ප්‍රශ්නාවලියක් සමග දයාසිරිගෙන් කතානායකට ලිපියක්

ත්‍රීරෝද කුළී රථ ගාස්තු අඩු කරනවාද?

පෙට්‍රල් මිල අඩු කළ මිළ ගණන් සම්බන්ධයෙන් ජනතාව විවිධ අදහස් පළ කරනවා. අඩු කළ එම මිල ගණන් ප්‍රමාණවත් නොමැති බවට ඇතමුන් ප්‍රකාශ කළද තවත් පිරිස් කියාසිටියේ මෙලෙස පෙට්‍රල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වන බවයි. පෙට්‍රල් මිල අඩු කිරීම හේතුවෙන් ත්‍රීරෝද කුලී ගාස්තු අඩු කරනවා දැයි නෙත් නිවුස් ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුන්ගේ … ත්‍රීරෝද කුළී රථ ගාස්තු අඩු කරනවාද?

පමුණුගම මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පිරිසෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොය ගැනේ

පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පිරිසෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අතුරුදන්ව සිටි කාන්තාවගේ සහ ගැහැණු ළමයින් දෙදෙනාගේ මළසිරුරු එලෙස සොයාගත් බවයි. කාන්තාවගේ වයස අවුරුදු 35ක් වන අතර ගැහැණු ළමයින් දෙදෙනා අවුරුදු 04 හා 12 යන වයස්වල පසුවුණා. දියේ ගිලී අතුරුදන් වූ 13 හැවිරිදි පිරිමි ළමයා සොයා තවදුරටත් … පමුණුගම මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන් වූ පිරිසෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොය ගැනේ

අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය භූතානය බලා පිටත්ව ගොස් තිබෙනවා. හෙට දිනයේ පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගී වීමට නියමිතයි. එහිදී අග්‍රාමාත්‍යතුමිය “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය … අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි

රවී කරුණානායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ, ප්‍රකාශයක් ලබාදීම සදහායි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ගොස් තිබුණා. ඒ, සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුට කර තිබූ දැනුම්දීමකට මත කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් බවයි වාර්තා … රවී කරුණානායක අල්ලස් කොමිසමට

සිය පළමු ජාත්‍යන්තර T20 තරගයේදීම වැඩ පෙන්වූ චේතනා විමුක්ති ගැන රජයේ අවධානය

සිය පළමු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්සතරගයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලෝකයේම අවධානය දිනාගත් චේතනා විමුක්ති පිළිබද දැන් බොහෝ දෙනා කතා කරනවා. ඇය මෙම දක්‍ෂතා දැක්වූයේ පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සහභාගි වූ පළමු තරගයේදීයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව එහිදී තරග වැදුණා. අරාබි ක්‍රීඩිකාවන් අන්දමන්ද කළ පන්දු … සිය පළමු ජාත්‍යන්තර T20 තරගයේදීම වැඩ පෙන්වූ චේතනා විමුක්ති ගැන රජයේ අවධානය