Nishan Neth News

ප්‍රදේශ කිහිපයකට ඉර මුදුන් වෙයි

අද දහවල් 12.11 ට පල්ලවරායන්කඩ්ඩු, අක්කරයන්කුලම්, අරිවියල් නගර්, පුදුකුඩිඉරිප්පු සහ අනන්තපුරම් ප්‍රදේශවලට ඉර මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ඊයේ දිනයේ සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් සූර්යයා පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර … ප්‍රදේශ කිහිපයකට ඉර මුදුන් වෙයි

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයෙන් රජයට අනතුරු ඇගවීම්

ලබන සදුදා වන විට බලධාරීන් නිසි පිළිතුරක් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අමතර සේවා දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ලබන සදුදා පෙරවරු 08.00 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමටයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය දැනටමත් තීරණය කර ඇත්තේ. එම සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා චෝදනා කරන්නේ සෞඛ්‍ය … රජයේ ඖෂධවේදීන්ගේ සංගමයෙන් රජයට අනතුරු ඇගවීම්

පාර්ලිමේන්තුව රැස්වන්න දින නියම වෙයි

ලබන සැප්තැම්බර් මස 8 වනදා සිට 11 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ. ඒ අනුව සැප්තැම්බර් 08 වන අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා මෝටර් වාහන පනත යටතේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදන ද්විත්වයක් … පාර්ලිමේන්තුව රැස්වන්න දින නියම වෙයි

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,000 ඉක්මවයි – මරණ 72ක්

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,805 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඩෙංගු රෝගය වැළඳීමෙන් මේ වන විට පුද්ගලයින් 72 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම ඒකකය සඳහන් කළේ. අගෝස්තු මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 9,469 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ජූලි මාසයේදී 29,962ක් සහ ජූනි … මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,000 ඉක්මවයි – මරණ 72ක්

අද හෙට අනිද්දා දුම්රිය ධාවනය ගැන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

අද හා හෙට විශේෂ දුම්රිය ධාවනය වීමේ ඉඩකඩ අවම බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ දුම්රිය ධාවනය කරන බවට බලධාරීන් ප්‍රකාශ කලද ඊට සුදුසු සූදානමක් ඇතැයි තම සංගමය නොසිතන බවයි. “මේ සතිඅන්තයේ තමන්ට වෙන ප්‍රවාහනයේදී වෙන අපහසුතාවයට අපි වගකිව යුතු වෘත්තීය සමිතියක් විදියට කනගාටුව පළ කරනවා. අපි උපරිම උත්සාහ … අද හෙට අනිද්දා දුම්රිය ධාවනය ගැන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

නේපාලයේ1,900 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් – චීනයෙන් දැඩි තොරතුරු වාරණයක්

“නේපාලය සහ චීනයට අයත් ටිබෙට් මායිම් කලාපයේ හිම කන්දක පැවති ග්ලැසියරයක් හදිසියේ කඩා වැටීම හේතුවෙන් හටගත් දරුණු ගංවතුර සහ නායයෑම්වලින් නේපාලයේ මියගිය සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නේපාලයේ ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය (NDRRMA) නිවේදනය කරන්නේ සමස්ත අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 1,924 දක්වා ඉහළ ගොස් ඇති බවයි.” “එලෙස අතුරුදහන් වූ පිරිස අතරට … නේපාලයේ1,900 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් – චීනයෙන් දැඩි තොරතුරු වාරණයක්

මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය නිසා දිනකට මිය යන පිරිස ගැන අලුත් අනාවරණයක්

මෙරට මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 80 ත් 100 ත් අතර සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති, ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා පවසනවා. අද (28) පැවැති “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව, විෂ මත්ද්‍රව්‍ය නිවාරණය හා ඒ සම්බන්ධ අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය. එහිදී … මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය නිසා දිනකට මිය යන පිරිස ගැන අලුත් අනාවරණයක්

හිටපු ඇමති චන්ද්‍රසේනගේ නඩු කටයුතු අවසන් කිරීමට නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්. එස්. චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව දැනටමත් කොළඹ මහාධිකරණය හමුවේ … හිටපු ඇමති චන්ද්‍රසේනගේ නඩු කටයුතු අවසන් කිරීමට නියෝග

මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

කොස්වත්ත, පොතුවටවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 16 ක් සහ ලක්ෂ 09 කට අධික මුදල් තොගයක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනවා. ඔහු වැඩිදුර විමර්ශන … මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට