Nishan Neth News

එක්සත් අරාබි එමිර් රාජ්‍ය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්

පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු තරඟයේදීම පහසු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම කඩුලු නවයකින් පරාජය කරමින්. මෙම තරඟයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5දී සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 79ක් පමණයි. සිය … එක්සත් අරාබි එමිර් රාජ්‍ය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්

ඉරාන නෞකා පෙළක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ?

ඉරාන නෞකා පෙළක් නැවත වරක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Financial Times වෙබ් අඩවියට අනුව මෙම ඉරාන නෞකා පෙළ මෙලෙස ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම්ලා තිබෙන්නේ ඇමෙරිකාව විසින් පනවා ඇති බලවත් නාවික සහ ආර්ථික සම්බාධක හේතුවෙන්. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයක නැංගුරම්ලා තිබෙන මෙම ඉරාන නෞකා තෙල් ප්‍රවාහන … ඉරාන නෞකා පෙළක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ?

පාකිස්තාන – එංගලන්ත දෙවන ටෙස්ට් ගැටුමේ තුන්වන දිනය අද

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම දෙවන දිනට තරගය නතර කරන විට කඩුළු 3 ක් දැවී ලකුණු 81ක් රැස්කර ගෙන සිටියා. ඒ, අනුව ඔවුන් පකිස්තානයට වඩා ලකුණු 261 ක් ඉදිරියෙන් පසුවනවා. තරගයේ කාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී පළමු … පාකිස්තාන – එංගලන්ත දෙවන ටෙස්ට් ගැටුමේ තුන්වන දිනය අද

ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය දානවාද? දෙපාර්තමේන්තු තීරණය පස්වරුවේ

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීම පිළිබද සලකා බලමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් අද හා හෙට විශේෂ දුම්රිය ධාවනය වීමේ ඉඩකඩ අවම බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ. “මේ සතිඅන්තයේ තමන්ට වෙන ප්‍රවාහනයේදී වෙන අපහසුතාවයට අපි වගකිව යුතු වෘත්තීය සමිතියක් විදියට කනගාටුව පළ කරනවා. අපි උපරිම … ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය දානවාද? දෙපාර්තමේන්තු තීරණය පස්වරුවේ

කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා පළමු තරගය අද

මෙවර පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු තරගය අද රාත්‍රී 8 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ, සත්කාරක එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායම සමගයි. තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. චමරි අතපත්තුගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා සංචිතයට හර්ෂිතා සමරවික්‍රම, විෂ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි සහ නිලක්ෂිකා … කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා පළමු තරගය අද

චීන ජාතිකයෙක් ඝාතන සිද්ධියට කට්ටි පනිමින් සිටි තවත් චීන්නු දෙනෙක් සීගිරියේදී අත්අඩංගුවට

කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සීගිරිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. පසුගිය ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් තිබුණා. පසුව ඔහුගේ සිරුර … චීන ජාතිකයෙක් ඝාතන සිද්ධියට කට්ටි පනිමින් සිටි තවත් චීන්නු දෙනෙක් සීගිරියේදී අත්අඩංගුවට

වෙනිසියුලාවේ බැරල් බිලියන 65 කට අධික තහවුරු කළ බොරතෙල් තැන්පතුවල බහුතර පාලන බලය ඇමෙරිකාවට

වෙනිසියුලාවේ පවතින බැරල් බිලියන 65 කට අධික තහවුරු කළ බොරතෙල් තැන්පතුවල බහුතර පාලන බලය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් හිමිකර ගෙන තිබෙනවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ”ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගිවිසුම” ලෙස මෙය හඳුන්වා දෙමින් සමාජ මාධ්‍ය සටහනක් තබමින් මේ බව නිල වශයෙන් නිවේදනය කළා. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ … වෙනිසියුලාවේ බැරල් බිලියන 65 කට අධික තහවුරු කළ බොරතෙල් තැන්පතුවල බහුතර පාලන බලය ඇමෙරිකාවට

අල්ලස් කොමිසමේ නිලධාරීන් රවීගේ නිවසට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබෙනවා. සිදුකරන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයාට සිය කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබූ බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එම කොමිසම හමුවේ පෙනී සිට නැහැ. … අල්ලස් කොමිසමේ නිලධාරීන් රවීගේ නිවසට

තිරිගු පිටි මිල ඉහළට – පරාටා, එළවළු රොටි ඇතුළු කෙටි ආහාර සහ ආප්ප, ඉදිආප්ප මිලත් අද මැදියම් රැයේ සිට ඉහළ දමයි.

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ, අනුව තිරිගු පිටි කිලෝවක මිල ගණන් අවම වශයෙන් රුපියල් 17කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් මේ වනවිට තමන් සතු තිරිගු පිටි තොග පැරණි මිල ගණන් යටතේ පාරිභෝගිකයන් වෙත අළෙවි කරන බව වතුකරයේ වෙළදුන් පැවසුවා. මේ අතර … තිරිගු පිටි මිල ඉහළට – පරාටා, එළවළු රොටි ඇතුළු කෙටි ආහාර සහ ආප්ප, ඉදිආප්ප මිලත් අද මැදියම් රැයේ සිට ඉහළ දමයි.