Nishan Neth News

එජාපය දැන් පොහොට්ටුවේ අතකොළුවක් – හිටපු මන්ත්‍රී ආංශුගෙන් චෝදනා

එක්සත් ජාතික පක්ෂය මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතකොළුවක් බවට පත්ව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා පවසනවා. ආශු මාරසිංහ මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමේ පිරිසක් පක්ෂය ඇතුලෙම සිටින බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග … එජාපය දැන් පොහොට්ටුවේ අතකොළුවක් – හිටපු මන්ත්‍රී ආංශුගෙන් චෝදනා

22 ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කරන්න නීතිඥ සංගමය අද මැතිසබයට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබද විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පලවනවා. ඒ අදාල පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක්ම … 22 ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කරන්න නීතිඥ සංගමය අද මැතිසබයට

ළමා නිවාසයකින් පලා යමින් සිටි ළමයින් තිදෙනෙකු අල්ලා ගනී

මග්ගොන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ළමා නිවාසයකින් පලා යමින් සිටි ළමයින් තිදෙනෙකු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අල්ලා පයාගල පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. එම ළමුන් ඊයේ රාත්‍රි එලෙස පලා යමින් සිටියදී ප්‍රදේශවාසින් අල්ලාගෙන ඇත්තේ එම ළමා නිවාසයේ සිට කිලෝමීටර් තුනක පමණ දුරකින් පයින් යමින් සිටියදීයි. එම ළමුන් 14 සහ 15 යන වයස් සීමාවල පසුවන බවයි නෙත් නිවුස් නියෝජිතයා … ළමා නිවාසයකින් පලා යමින් සිටි ළමයින් තිදෙනෙකු අල්ලා ගනී

බොහෝ ප්‍රදේශවල අදත් වියළි කාලගුණයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. … බොහෝ ප්‍රදේශවල අදත් වියළි කාලගුණයක්

ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම අද සිට

ඉකුත්දා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එම විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු ලබන 25 වනදා දක්වා සිදු කෙරෙන බවයි. ඒ, දිවයින පුරා මධ්‍යස්ථාන 48 කදීයි. ඒ සදහා ඇගයිම් මණ්ඩල 380 ක් පත් … ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම අද සිට

ගල්කිස්සේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු තවත් සිව් දෙනෙකු සමග අත්අඩංගුවට – කාන්තාවකුත් ඒ අතර

ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු, කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය මගින්. එම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදීයි. අදාළ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාව මත තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරිය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී … ගල්කිස්සේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු තවත් සිව් දෙනෙකු සමග අත්අඩංගුවට – කාන්තාවකුත් ඒ අතර

ට්‍රම්ප් ආයෙත් ඉරානයට ගොරවයි

ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කරගැනීමට ලැබුණු අවස්ථාව ඉරානය මගහැර ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා. මේ හේතුවෙන් ඉරානයට එරෙහිව බලගතුම සහ දරුණුතම ආර්ථික සම්බාධක පනවන බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ. සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරන්නේ, මෙය ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන ”ආර්ථික D-Day” … ට්‍රම්ප් ආයෙත් ඉරානයට ගොරවයි

සැප්තැම්බර් 19 වෙනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු දෙනා ආසන පටි පැළඳීම අනිවාර්ය වෙයි

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල රියදුරන් මෙන්ම සියලුම මගීන් ද ආරක්ෂිත ආසන බඳ පටි පැළඳීමේ නීතිය 2026 සැප්තැම්බර් 19 වෙනිදා සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. ඉකුත් 2025 වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නීතිය වසරකට ආසන්න කාලයක් වරින්වර ක්‍රියාත්මක කිරීම කල්දැමුණු බැවින් නැවත කිසිසේත් … සැප්තැම්බර් 19 වෙනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු දෙනා ආසන පටි පැළඳීම අනිවාර්ය වෙයි

දේශීය සංචාරක ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට සැරසෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සහ සංචාරකයින් සඳහා අමතක නොවන අත්දැකීම් නිර්මාණය කිරීමට කැපවී සිටින වෘත්තිකයන් සහ ව්‍යාපාරික ආයතන ඇගයීම අරමුණු කරගනිමින්, “ශ්‍රී ලංකා සංචාරක විශිෂ්ටතා සම්මාන – 2026” ජාතික සම්මාන වැඩසටහන එළඹෙන ජනවාරි මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම සම්මාන උළෙලේදී හෝටල්, අවන්හල්, සංචාරක අලෙවිකරණ ආයතන සහ ආගන්තුක සත්කාර සේවා … දේශීය සංචාරක ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට සැරසෙයි