Nishan Neth News

අය වැය ගැන කොළඹ ජනතාවගෙන් මිශ්‍ර ප්‍රතිචාර

අය වැය ගැන ජනතාවගේ අදහස් විමසන නෙත් නිවුස් වැඩසටහන් මාලාවෙන් අද විමසා බැලෙන්නේ කොළඹ ජනතාව අය වැය පිළිබද දරන අදහස පිළිබදවයි.

වාහන මිල ඉහල යාමේ අවදානමක්

අය වැය හේතුවෙන් වාහන මිල ඉහල යාමේ අවදානමක් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.

ගුවන් ගමන් පාලන සන්නිවේදන බිඳවැටීමක් හේතුවෙන් අමෙරිකාවේ සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ගුවන් ගමන් පාලන පද්ධතියේ ඇති වූ හදිසි සන්නිවේදන බිඳවැටීමක් හේතුවෙන්, අමෙරිකා එක්සත් ජනපදය පුරා සියලුම ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට එරට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) පියවර ගෙන තිබෙනවා. “සුවිශේෂී තත්ත්වයක් මත සහ මගී ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්” මෙම තීරණය ගත් බවයි අමෙරිකානු ගුවන් සේවා බලධාරීන් නිවේදනය කර ඇත්තේ. කලාපීය ගුවන් ගමන් … ගුවන් ගමන් පාලන සන්නිවේදන බිඳවැටීමක් හේතුවෙන් අමෙරිකාවේ සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

මයික්‍රොසොෆ්ට් පද්ධති බිඳවැටීමත් සමඟ තාක්‍ෂණික යැපීමේ අවදානම යළි කරළියට

ලොව පුරා මිලියන 430කට අධික පිරිසකගේ දෛනික කටයුතු අඩපණ කරමින් පැය 22කට අධික කාලයක් පුරා පැවති මයික්‍රොසොෆ්ට් පද්ධති බිඳවැටීමත් සමඟ, ලෝකය ප්‍රධාන තාක්‍ෂණික සමාගම් කිහිපයක් මත අධික ලෙස යැපීමේ අවදානම පිළිබඳව නව කතාබහක් නිර්මාණය වී තිබෙනවා. අවුට්ලුක් ඇතුළු මයික්‍රොසොෆ්ට් 365 සේවාවන් රැසකට බලපෑ මෙම බිඳවැටීමට හේතු වී ඇත්තේ, සාමාන්‍ය ස්වයංක්‍රීය පරීක්‍ෂාවක් අතරතුර ඇතැම් සර්වර් පද්ධති … මයික්‍රොසොෆ්ට් පද්ධති බිඳවැටීමත් සමඟ තාක්‍ෂණික යැපීමේ අවදානම යළි කරළියට

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ලාෆ්ස් ගෑස් මිල ඊයේ  (නොවැම්බර් 13) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,740ක්. රුපියල් 1,988ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, එහි නව … ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ගාල්ලට රැගෙන ආ බහුදින ධිවර යාත්‍රාවේ බිලියන එක හමාරකට අධික මත්ද්‍රව්‍ය

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ආරක්‍ෂක අංශ භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන එකහමාරකට අධික බවට අනාවරණ වී තිබෙනවා. යසිරු පුතා නම් වු එම බහුදින ධීවර යාත්‍රාව පසුගිය 11 වනදා නීතියේ රැහැනට හසු කර ගැණුනේ නාවික හමුදාව සහ බුද්ධි අංශ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි. ඒ අනුව යාත්‍රාව තුළ තිබී හෙරොයින් … ගාල්ලට රැගෙන ආ බහුදින ධිවර යාත්‍රාවේ බිලියන එක හමාරකට අධික මත්ද්‍රව්‍ය

අමෙරිකානු වීසා සීමා හේතුවෙන් ‘මිස් යුනිවර්ස්’ තරගාවලියට එක්වන අප්‍රිකානු තරගකාරියන් රැසකට බාධා

අමෙරිකානු වීසා ලබා ගැනීමේදී මතුව ඇති ගැටලු හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍යය නියෝජනය කරන රොසැනා හෝල් ඇතුළු අප්‍රිකානු තරගකාරියන් කිහිප දෙනෙකුට මෙවර පුවර්ටෝ රිකෝහි පැවැත්වෙන ‘මිස් යුනිවර්ස්‘ තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. නොවැම්බර් 24 වනදා අවසන් මහා තරගය පැවැත්වෙන 75 වන ‘මිස් යුනිවර්ස්‘ තරගාවලිය සඳහා සිම්බාබ්වේ නියෝජනය කිරීමට නියමිතව සිටින රොසැනා හෝල් හට, අමෙරිකානු පාලනය යටතේ … අමෙරිකානු වීසා සීමා හේතුවෙන් ‘මිස් යුනිවර්ස්’ තරගාවලියට එක්වන අප්‍රිකානු තරගකාරියන් රැසකට බාධා

නුවරඑළියේ නවාතැන්පොලකදී කාන්තාවක් ඝාතතනය කළ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට

නුවරඑළිය, මාගස්තොට ප්‍රදේශයේ නවාතැන්පොලක් තුල කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නුවරඑළිය පොලිස් ස්ථානයටලද තොරතුරක් මත අනුරාධපුර බස් නැවතුම්පල අසල සිදුකළ වැටලීමකදියි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වූ පුද්ගලයෙක්. ඔහු පසුගිය 10 වනදා තෙරිපැහැ පොලිස් වසමේදී පොලිස් අත්අඩංගුවෙන් පලා ගිය සැකකරුවෙකු වන බවද අනාවරණ … නුවරඑළියේ නවාතැන්පොලකදී කාන්තාවක් ඝාතතනය කළ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට

අමෙරිකාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 8ක් ජීවිතක්‍ෂයට 

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බෘක්ලින්හි ෆ්ලැට්බුෂ් ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේ ඒ අසල පිහිටි ඉදිකිරීම් වළක සේවකයින් පිරිසක් සේවය කරමින් සිටියදී ගොඩනැගිල්ල ඒ මතට කඩා වැටී ඇතැයි සදහන්. පවතින දැඩි වර්ෂාව සහ … අමෙරිකාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 8ක් ජීවිතක්‍ෂයට