Nishan Neth News

රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්

රත්මලාන ඥාණේන්ද්‍ර මාවතේ නිවසකට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අද උදෑසන 6යි 20ට පමණ එල්ල වී ඇති එම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. අදාල නිවසට අත් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කර ඇති අතර පුපුරා ගොස් ඇත්තේ එක් අත්බෝම්බයක් පමණක් බවයි පොලීසිය පැවසුවේ. එම ස්ථානයේ රැදී සිටින නෙත් නිව්ස් නියෝජිත දර්ශාන් කානිල් … රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්

හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයින හරහා නිරිත දිග මෝසම තවදුරටත් දිවයිනේ නිරිත දිග කොටසට අද දිනයේද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා. ”දිවයින හරහා නිරිතදිග මෝසම තවමත් සක්‍රීය තත්ත්වයේ පවතිනවා. මේ නිසා අද දිනයේදීත් දිවයින හරහා විටින් විට හමන තරමක තද … හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලියන 2.5 මුදල් අතුරුදන්වීමේ සිද්ධිය ගැන පාර්ලිමේන්තු විවාදය අද

පාර්ලිමේන්තුව අද පෙරවරු 09යි 30ට යළි රැස් වුණා. ඔස්ටේ්‍රලියාවට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් සකස් කල රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි. පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වීමටයි පසුගියදා පැවති පාර්ලිමේන්තුව කටයුතු පිළිබඳ … මුදල් අමාත්‍යංශයේ ඩොලර් මිලියන 2.5 මුදල් අතුරුදන්වීමේ සිද්ධිය ගැන පාර්ලිමේන්තු විවාදය අද

මිනුවන්ගොඩදී STF වැටලීමක් – එක් කෝටි දස ලක්ෂයක හෑෂ් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ දොඹවල, අඹගහවත්ත හංදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෑෂ්  මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි. ඔහු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 11යි ග්‍රෑම් 844 ක් සොයාගෙන තිබෙනවා. එම හෑෂ් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි දස ලක්ෂයක් පමණ වනවා. සැකකරු දොඹවල, උඩුගම්පොල … මිනුවන්ගොඩදී STF වැටලීමක් – එක් කෝටි දස ලක්ෂයක හෑෂ් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි අමානුෂික සැලකිලි වහා නතර කරන්න – එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බලපෑම්

  පාකිස්තානයේ බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව සිදුවන අමානුෂික සැලකිලි වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වධහිංසා පිළිබඳ විශේෂ වාර්තාකාරිනී ඇලිස් ජිල් එඩ්වර්ඩ්ස් පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටියි. ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස බල කරමින් ඔහුගේ පක්ෂය විසින් දීපව්‍යාප්ත විරෝධතා පාගමනක් සංවිධානය කරමින් පවතින පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වී ඇත. එඩ්වර්ඩ්ස් පෙන්වා … පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි අමානුෂික සැලකිලි වහා නතර කරන්න – එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බලපෑම්

ඉන්දියාවේ නාගරික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1 ක ණය ආධාරයක්

ඉන්දියානු නගර, ආර්ථික වර්ධනයේ, නවෝත්පාදනයේ සහ ජීවත්වීමට සුදුසු උසස් පරිසරයක කේන්ද්‍රස්ථාන බවට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන නාගරික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණය මුදලක් අනුමත කර ඇත. මෙම ‘නාගරික පරිවර්තන සහ ආයෝජන වැඩසටහන’ හරහා ඉන්දියාවේ ප්‍රමුඛ නාගරික අභියෝගතා අරමුදල සක්‍රියව ක්‍රියාත්මක කිරීමට නියමිතය. … ඉන්දියාවේ නාගරික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1 ක ණය ආධාරයක්

ඉන්දියාවේ කාර්මික අංශයෙන් විශිෂ්ට වර්ධනයක්

රජයේ මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් වැඩිවීම මත පදනම් වූ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රබල පිබිදීම සහ විදුලි බල නිෂ්පාදනය වැඩිදියුණු වීම හේතුවෙන් පසුගිය ජූනි මාසයේදී ඉන්දියාවේ කාර්මික වර්ධනය 7.3% ක ඉහළ අගයක් වාර්තා කිරීමට සමත් වී ඇත. රාජ්‍ය නිල දත්තවලට අනුව මෙය 2024 ජූලි මාසයෙන් පසුව වාර්තා වූ වේගවත්ම වර්ධන වේගයයි. රොයිටර් පුවත් සේවයේ ආර්ථික විශ්ලේෂකයින් මැයි … ඉන්දියාවේ කාර්මික අංශයෙන් විශිෂ්ට වර්ධනයක්

කඩුවෙලදී බස් රථයකට ගිනි තබයි

  කඩුවෙල පොළ භුමියේ බස්රථ ගාලේ ගාල් කර තිබු බස් රථයකට අද අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා. ඒ අනුව බස් රථය සමිපුර්ණයෙන් ගිනි ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. බියගම ගිණි නිවීම් ඒකකයේ ගිනි නිවන රථය මගින් ගින්න නිවා දමා තිබෙනවා. කඩුවෙල සිට මාතර දක්වා අධිවෙිගි මාර්ගයේ ගමන් ගන්නා සුඛෝපබෝගි වර්ගයේ බස් රථයකටයි එලෙස … කඩුවෙලදී බස් රථයකට ගිනි තබයි

දෙහිවලදී බේකරි හිමිකරුවෙකුට වෙඩි තැබීමේ තැතක් ව්‍යාර්ථ වෙයි

දෙහිවල – කඩවත පාර, දහනායක ක්‍රීඩාංගණයේ අසල බේකරියක හිමිකරුවෙකුට වෙඩි තැබීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ අද රාත්‍රි 8.10ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු බේකරිය තුළට පැමිණ අදාළ වෙඩි තැබීම සිදු කිරීමට උත්සාහ කර ඇති බවයි. කෙසේ වෙතත් ඔවුන් වෙඩි තැබීමට යොදා ගත් ගිනි … දෙහිවලදී බේකරි හිමිකරුවෙකුට වෙඩි තැබීමේ තැතක් ව්‍යාර්ථ වෙයි