Nishan Neth News

රන් පදක්කම්ලාභී රුමේෂ් තරංග දිවයිනට 

  පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංග දිවයිනට පැමිණියා. ඔහු එම ක්‍රීඩා උළෙලේ දී  හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා. රුමේෂ් තරංග සමග එම ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍ර්‍රි ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද දිවයිනට පැමිණියා.

බන්ධනාගාර තදබදය අවම කරන්න සාකච්ඡාවක්

මෙරට බන්ධනාගාරවල පවතින තදබදය සහ සිර ඝනත්වය අවම කිරීම සඳහා වන ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. ​ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි. ​චෝදනාවලට ලක්වන පුද්ගලයන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ … බන්ධනාගාර තදබදය අවම කරන්න සාකච්ඡාවක්

ඩෙංගු රෝගීන් තවත් වැඩි වෙයි

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,947ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මාසයේ මේ දක්වා කාලය තුළ රෝගීන් 1,598ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා. මෙම වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 21.24 ක්. කොළඹ දිස්ත්‍රික්කය දෙවන තැනට පත්ව … ඩෙංගු රෝගීන් තවත් වැඩි වෙයි

අද සහ හෙට වැසි අඩු වුණත් අනිද්දා සිට යළි තද වැසි

කැළණි, මහවැලි ඇතුළු ප්‍රධාන ගංගාවල ජල මට්ටම් තවදුරටත් පහළ බසමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කැළණි සහ මහවැලි ගංගා ආශ්‍රිතව පැවති ගංවතුර අවදානම මේ වනවිට පහව ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ. කැලණි ගඟ සහ මහවැලි ගඟ විශේෂයෙන්ම ගංවතුර තත්ත්වයක් ඇති වුණා … අද සහ හෙට වැසි අඩු වුණත් අනිද්දා සිට යළි තද වැසි

ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර නව ආඥාපති සිය ධුරයේ රාජකාරී අරඹයි

ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර  නව ආඥාපති මේජර් ජෙනරාල් එච්.ඩී.එල්.එස් පෙරේරා මහතා සියු ධූරයේ රාජකාරී ආරම්භ කළා. ඔහු ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර 20 වන ආඥාපතිවරයා වනවා.

තමිල්නාඩු විපක්ෂ නායක උදයානිධි ස්ටාලින් අත්අඩංගුවට

තමිල්නාඩු හිටපු නියෝජ්‍ය ප්‍රධාන ඇමති සහ වත්මන් විපක්ෂ නායක වන උදයානිධි ස්ටාලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෑත කාලීන දේශපාලන රැලියක් අතරතුර වත්මන් තමිල්නාඩු ප්‍රධාන ඇමති සී. ජෝසප් විජේ ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ බවට වන චෝදනාවකට අදාළවයි. සිද්ධිය සම්බන්ධයෙන් FIR ගොනු කිරීමෙන් අනතුරුව, චෙන්නායි හි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා. එමෙන්ම … තමිල්නාඩු විපක්ෂ නායක උදයානිධි ස්ටාලින් අත්අඩංගුවට

වැස්ස නිසා හැටන් අධිකරණවල නඩු කැදවීම කල් දමයි

නුවරඑලිය දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල අද දින කැදවිමට නියමිතව තිබූ නඩු සියල්ල කල් දමා තිබෙනවා. ඒ අනුව එම නඩු ලබන 11 වනදා කැදවීමටයි එම අධිකරණවල මහේස්ත්‍රාත්වරුන් පියවරගෙන ඇත්තේ. පවතින වර්ෂාවත් සමග අධිකරණ කාර්ය මණ්ඩලයට, නඩු වලට පෙනී සිටින පොලිස් නිලධාරින් සහ නඩුවලට පෙනි සිටින අනෙකුත් පාර්ශවලට පැමිණිමට තරම් ප්‍රමාණවත් … වැස්ස නිසා හැටන් අධිකරණවල නඩු කැදවීම කල් දමයි

යෝෂිතට සහ වසන්ත කරන්නාගොඩට අධිකරණයෙන් දැනුම් දීමක්

නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති පැමිණිල්ලක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි … යෝෂිතට සහ වසන්ත කරන්නාගොඩට අධිකරණයෙන් දැනුම් දීමක්

යතුරු පැදි සදහා වෙනම මංතීරුවක් – නියමු ව්‍යාපෘතියකටත් සැලසුම්

මෙරට ප්‍රධාන මාර්ගවල යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමට පියවර ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. එහි පළමු අදියර කලවංචිකුඩි නගරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යාවරයා පැවසුවේ. වාර්ෂිකව මෙරට සිදුවන රිය අනතුරුවලින් බහුතරයක් යතුරුපැදි අනතුරු බැවින් එය අවම කිරීම සඳහා මෙම විශේෂ මංතීරුව හඳුන්වා දෙන බව ද … යතුරු පැදි සදහා වෙනම මංතීරුවක් – නියමු ව්‍යාපෘතියකටත් සැලසුම්