Nishan Neth News

දෙවිනුවර වෙඩි තැබීමට සැකකරුවන් ආ මෝටර් රථය සොයා ගැනේ

දෙවිනුවර ප්‍රදේශයේ නිවසකට පසුගියදා එල්ල කළ වෙඩි ප්‍රහාරයට සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, දික්වැල්ල, අලුත්පාර ප්‍රදේශයේදීයි. ඒ සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය මගින් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. අදාළ වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වුණේ නැහැ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලීසිය … දෙවිනුවර වෙඩි තැබීමට සැකකරුවන් ආ මෝටර් රථය සොයා ගැනේ

දෙවිනුවර දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පේළි පෙරහැර අද සිට

දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පේළි පෙරහර අද ආරම්භ වනවා. රන්දෝලි පෙරහර පැවැත්වෙන්නේ ලබන 29 වනදායි. ඉන් අනතුරුව අගෝස්තු 4 වනදා කෝල්මුර යාගය පැවැත්වෙන අතර, අගෝස්තු 5 වැනිදා මහා දේව දානය සමඟ මෙවර ඇසළ මංගල්‍යයේ කටයුතු අවසන් කෙරෙන බවයි දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ … දෙවිනුවර දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පේළි පෙරහැර අද සිට

AI ගැන නොමිලේ වැඩමුළුවක් හෝමාගමදී

AI තාක්‍ෂණය පිළිබද දැනුවත් කෙරෙන වැඩමුළුවක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ බණ්ඩාරනායක මහජන පුස්තකාල පරිශ්‍රයේදීයි අද පැවැත්වෙනවා. නොමිලේ පැවැත්වෙන එම වැඩමුළු ආරම්භ වන්නේ පස්වරු දෙකටයි. මෙම වැඩමුළුව සදහා වයස අවුරුදු 15ට වැඩි ඕනෑම අයෙකුට සහභාගි විය හැකි බවයි හෝමාගම ප්‍රාදේශීය සභාව පැවසුවේ.

ඉරානයට එපා කියන න්‍යෂ්ටික අත්හදා බැලීම් සදහා සෞදි අරාබියට අවසර දෙමින් අමෙරිකාව අලුත් ගිවිසුමකට

ඉරානයේ න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට විරෝධය පළ කරමින් තවදුරටත් යුද ගැටුම්වල පැටලී සිටින අමෙරිකාව සෞදි අරාබිය සමග තීරණාත්මක බලශක්ති ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ, සිවිල් න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනක් ආරම්භ කිරීමට සෞදි අරාබියට අවස්ථාව ලබාදෙමින්. ”සමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම” ලෙස නම් කර ඇති මෙමගින්, සෞදි අරාබියේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට ඇමරිකානු සමාගම්වලට විශාල ඉඩකඩක් ලැබෙනවා. ගිවිසුමේ … ඉරානයට එපා කියන න්‍යෂ්ටික අත්හදා බැලීම් සදහා සෞදි අරාබියට අවසර දෙමින් අමෙරිකාව අලුත් ගිවිසුමකට

2029 ජනාධිපතිවරණයට එන්නේ රනිල් ද? සජිත් ද? එජාපය සිය ස්ථාවරය පළමුවරට හෙළි කරයි

2029 ජනාධිපතිවරණයට පෙර සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය අනිවාර්යයෙන්ම එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඉන් පසුව ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කළ හැකි බවයි. මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවද නවීන් දිසානායක මහතා සදහන් කළා. නෙත් නිවුස් යූ … 2029 ජනාධිපතිවරණයට එන්නේ රනිල් ද? සජිත් ද? එජාපය සිය ස්ථාවරය පළමුවරට හෙළි කරයි

පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 9,000 පනී

2026 පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 9,000 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ වෙළද භාණ්ඩ අපනයන ආදායම ද වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවයි. වසරක පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන … පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 9,000 පනී

රත්රන් සහ කෝටි එක හමාරකට වැඩි මුදල් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 10ක් අත්අඩංගුවට

රත්තරන් කිලෝ 3 යි ග්‍රෑම් 930 කට අධික ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් එක් කෝටි හැට නව ලක්‍ෂයක් සමග සැකකරුවන් 10 දෙනෙකු වත්තේගමදී ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනකුද සිටින බවයි. මෙම සැකකරුවන් මඩවල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස කොටහේන, වැල්ලවත්ත, නාවලපිටිය ප්‍රදේශවල … රත්රන් සහ කෝටි එක හමාරකට වැඩි මුදල් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 10ක් අත්අඩංගුවට

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට දින නියම වෙයි

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන සිකුරාදා (24) පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ​පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි. ​අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඊයේ (21) දිනයේදී … අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට දින නියම වෙයි

ගල්කිස්සේ වෙඩි තැබීමේ තැතක් වරදී

ගල්කිස්ස, ටෙම්ප්ලස් පාර ප්‍රදේශයේ ඊයේ රාත්‍රී කෙරුණු වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා මෙම වෙඩි තැබීමේ උත්සාහය ව්‍යාර්ථ වී ඇති බවයි මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ. කෙසේ වෙතත් නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියා සිටියේ ගල්කිස්ස ටෙම්ප්ලස් පාර ප්‍රදේශයේ ඊයේ රාත්‍රී කිසියම් … ගල්කිස්සේ වෙඩි තැබීමේ තැතක් වරදී