Nishan Neth News

ඩෙංගු රෝගීන් ගණන 75,000 ට ළං වෙයි

  වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 74,478 දෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බවයි. සිය නිවාස පරිශ්‍ර පිලිබද වෙනදාටත් වඩා අවධානය යොමුකර පිරිසිදුව තබා ගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

ගල්කිස්සේ වෙඩි තැබීමක්

  ගල්කිස්ස පොදු සුසාන භූමිය තුළ දී  වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ. තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

බෝකුන්දරදී පොලිස් නිලධාරීන්ට තියුණු ආයුආයුධයකින් පහර දීමට තැත් කර පලාගිය සැකකරුගේ යතුරු පැදිය සොයා ගැනේ

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අද අලුයම පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට තැත් කර පලා ගිය සැකකරු ඔහු ගමන් ගත් යතුරුපැදිය අතහැර දමාගොස් තිබියදී සොයාගෙන තිබෙනවා. ඒ, පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්ගයේ කොස් කනත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබියදියි. පිලියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු අද අලුයම තුවාල ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සැක … බෝකුන්දරදී පොලිස් නිලධාරීන්ට තියුණු ආයුආයුධයකින් පහර දීමට තැත් කර පලාගිය සැකකරුගේ යතුරු පැදිය සොයා ගැනේ

උපත් අනුපාතය පහළ වැටීමෙන් චීනයේ පෙරපාසල් සහ ප්‍රාථමික පාසල් 30,000ක් වැසෙයි

චීනයේ ජනගහනය අඛණ්ඩව සිව්වන වසරටත් පහළ යමින් පවතින පසුබිමක, පසුගිය වසරේදී එරට පෙරපාසල් සහ ප්‍රාථමික පාසල් 30,000ක් පමණ වසා දමා ඇති බව වාර්තා වේ. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ කොවිඩ්-19 වසංගතයෙන් පසුව උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහත වැටීමේ අහිතකර බලපෑම දැන් චීනයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි ලෙස දැනෙන්නට පටන් ගෙන ඇති බවයි. චීන ආර්ථික මාධ්‍ය ආයතනයක් වන ‘ජැසින්ට්’ (Jacint) … උපත් අනුපාතය පහළ වැටීමෙන් චීනයේ පෙරපාසල් සහ ප්‍රාථමික පාසල් 30,000ක් වැසෙයි

කිරිබත්ගොඩ දී මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කිරිබත්ගොඩ, දික්පිටිගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ කල වැටලිමකදියි. එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6 ග්‍රෑම් 96ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 70ක් හා මත්පෙති 5,000ක් ද සොයා ගැනුනා. අත්අඩංගුවට ගත් සැකකරු දික්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර ඊයේ දිනයේදී අයිස් … කිරිබත්ගොඩ දී මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පිළියන්දල පොලිස් වෙඩි තැබීමක් – සැකකරුවෙකුට තුවාල

පිලියන්දල තුම්බෝවිල ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පරික්ෂ කිරීමට යාමේදී ඔවුන් තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සහ දරා ඇති බවයි . එහිදී පොලිසි නිලධාරීන් ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. ඉන් තුවාල ලැබූ සැකකරුවෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුනා. සැකකරුවන් … පිළියන්දල පොලිස් වෙඩි තැබීමක් – සැකකරුවෙකුට තුවාල

ජෝර්දානයේත් අමෙරිකානු කඳවුරු සුනේ සුන් – සෙබළු මියයති – තවත් අය අතුරුදන්

ජෝර්දානයට එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් අමෙරිකානු සේවා බලකායේ සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අමෙරිකානු යුද බලධාරීන් පැවසුවේ මෙම ඉරාන ප්‍රහාරයෙන් පසු තවත් සෙබළෙකු අතුරුදන්ව ඇති බවයි. සෙබළුන් 4දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවද අමෙරිකානු යුද බලධාරීන් කියා සිටියා. ​මේ අතර, ජෝර්දාන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය … ජෝර්දානයේත් අමෙරිකානු කඳවුරු සුනේ සුන් – සෙබළු මියයති – තවත් අය අතුරුදන්

ප්‍රංශය හඩවා පාපන්දුවේ තුන්වන තැන එංගලන්තයට

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට එංගලන්තය සමත් වුණා. ඒ, ප්‍රබල ප්‍රංශ කණ්ඩායම ගෝල 6 ට 4 ක් ලෙස පරාජය කරමින්. තරඟයේ වාර්තා වුණු මුළු ගෝල ගණන 10ක්. ලෝක කුසලාන ඉතිහාසයේ තුන්වන ස්ථානය සදහා වු තරගයකදී වාර්තා වූ වැඩිම ගෝල ගණනද මෙය වනවා. තරඟය අවසානයේදී කිලියන් එම්බාපේ ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩායම පිටියෙන් ඉවත්ව … ප්‍රංශය හඩවා පාපන්දුවේ තුන්වන තැන එංගලන්තයට

දසුන්ගේ ගොල් ගැලන්ටස් කණ්ඩායමට තවත් ජයක්

මෙවර LPL තරගාවලියේ පිටපිටම සිය දෙවන ජයග්‍රහණයත් හිමිකර ගැනීමට දසුන් ශානක නායකත්වය දරන Galle Gallantas (ගොල් ගැලන්ටස්) කණ්ඩායම ඊයේ රාත්‍රී සමත් වුණා. ඒ, කුසල් මෙන්ඩිස් නායකත්වය දරන Colombo Kaps (කොලොම්බෝ කැපස්) කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Kaps කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 8ක් දැවී ලකුණු 189ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම … දසුන්ගේ ගොල් ගැලන්ටස් කණ්ඩායමට තවත් ජයක්