Nishan Neth News

උසස් පෙළ කල් යයි ද?

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නියෝග කළා. අදාල පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ … උසස් පෙළ කල් යයි ද?

“ඉරානයේ ඉවසීම පනී” වටේම තියන අමෙරිකානු හමුදා කදවුරුවලට සැරටම පහර දෙයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තා හයවන දිනටත් දැඩි වෙමින්, දෙපාර්ශවයම එකිනෙකා වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඉරානය විසින් අසල්වැසි ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් නවතම ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර, ඇමරිකානු බලධාරීන් ද එක රැයකින් ඉරානය පුරා පිහිටි ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ … “ඉරානයේ ඉවසීම පනී” වටේම තියන අමෙරිකානු හමුදා කදවුරුවලට සැරටම පහර දෙයි.

කොස්තාපල්වරියකගේ උකුලේ වාඩිවූ කොස්තාපල්ට වැඩ වරදියි

පොලිස් කොස්තාපල්වරියකගේ උකුල මත වාඩිවී, ඇයට ලිංගික අතවරයක් කල බව කියන පොලිස් කොස්තාපල් වරයෙකු දඹුල්ල පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම පොලිස් කොස්තාපල්වරිය එලෙස අතවරයට ලක්ව ඇති බව පැවසෙන්නේ දඹුල්ල නගරයේ පැවති සංගීත ප්‍රසංගයක ආරක්ෂක රාජකාරීයේ යෙදී සිටියදීයි. එලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මකුළුගස්වැව පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි දඹුල්ල පොලීසිය … කොස්තාපල්වරියකගේ උකුලේ වාඩිවූ කොස්තාපල්ට වැඩ වරදියි

යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර පර්යේෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සන්ධානයක්

ලබන වසරේදී බලාත්මක වීමට නියමිත සන්ධිස්ථානීය නිදහස් වෙළඳ ගිවිසුමට අමතරව, දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කරමින් යුරෝපා සංගමයේ ප්‍රධානතම ‘හොරයිසන්’ පර්යේෂණ වැඩසටහනට ඉන්දියාවේ සහභාගීත්වය ලබා ගැනීම සඳහා වන නිල සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපා සංගමය සහ ඉන්දියාව එකඟතාවකට පැමිණ තිබේ. බදාදා නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයකට අනුව, යුරෝ බිලියන 95.5ක් වටිනා ‘හොරයිසන් යුරෝප්’පර්යේෂණ හා නවෝත්පාදන … යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර පර්යේෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සන්ධානයක්

පිට පිටම හතරවන දිනටත් අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – නෞකාවකටත් පහර දෙයි

අමෙරිකානු හමුදාවන් නැවත වරක් ඉරානය වෙත දරුණු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, ඉරානය මීට වඩා “හොඳින් හැසිරිය යුතු” බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබියදී යි. ​ලෝකයේ ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලට තර්ජනයක් වූ ඉරාන හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු … පිට පිටම හතරවන දිනටත් අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – නෞකාවකටත් පහර දෙයි

එංගලන්ත හඬවමින් ලියොනල් මෙසීගේ ආජන්ටිනා බලකාය පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ලියොනල් මෙසී ප්‍රමුඛ ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම අද සමත් වුණා. ඒ, තියුණු මුහුණුවරක් ගත් අවසන් පූර්ව තරඟයකදී එංගලන්තය ගෝල 2 ට 1 ක් ලෙස පරාජය කරමින්. තරගය පැවැත්වුනේ ​ඇමරිකාවේ ඇට්ලන්ටා නුවරදීයි. එහිදී තරඟයේ මුල් භාගය කණ්ඩායම් දෙකේම කරට කර සටනක් වූ අතර 55 වැනි විනාඩියේදී … එංගලන්ත හඬවමින් ලියොනල් මෙසීගේ ආජන්ටිනා බලකාය පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

කටුනායක වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකුට තුවාල

කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පොලිස් නිලධාරියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු දැවමොට්ටාව ප්‍රදේශයේ විදුලි කණුවක් අසල ස්ථානයක සැක සහිත ලෙස හැසිරී තිබෙනවා. ඒ බව දුටු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එහි පැමිණ සිදුවන්නේ කුමක්දැයි පරීක්ෂා කර ඇති අතර එම අවස්ථාවේදී … කටුනායක වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකුට තුවාල

ලියොනෙල් මෙසීගේ පෞද්ගලික අත්සන සහිත, 2026 ආර්ජන්ටිනා පාපන්දු ජර්සියක් දිනා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට

  ලියොනෙල් මෙසීගේ පෞද්ගලික අත්සන සහිත, 2026 ආර්ජන්ටිනානු පාපන්දු ජර්සියක් දිනා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට දැන් උදා වී තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ට මෙම සුවිශේෂී අවස්ථාව උදාකර දෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම චොක්ලට් සන්නාමයක් වන Ritzbury Roccoa වෙතින්. ආජන්ටිනාව මේ වනවිට ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට පැමිණ තිබෙනවා. අවසන් පූර්ව වටයේ ඔවුන් සහභාගී වන … ලියොනෙල් මෙසීගේ පෞද්ගලික අත්සන සහිත, 2026 ආර්ජන්ටිනා පාපන්දු ජර්සියක් දිනා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට

මීගමුවේ කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියා මාරු කළ තැන හෙළි කළාට විරෝධයක්

  මීගමුව බන්ධනාගාරයේ පසුගියදා හටගත් ගැටුමේදී කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියා ස්ථාන මාරු කළ බන්ධනාගාරය පිලිබද හෙළි කළාට බන්ධනාගාර නිලධාරීන් සිය විරෝධය පළ කරනවා. ඇතැම් මාධ්‍ය ඊයේ දිනයේ එම නිලධාරියා ස්ථාන  මාරු කළ බව වාර්තා කර තිබුණා. ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසූ බව සදහන් කරමින්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිදුකළ බව කියන එම අනාවරණය දැඩි පිළිකුල් සහගතව හෙළා දකින … මීගමුවේ කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියා මාරු කළ තැන හෙළි කළාට විරෝධයක්