Nishan Neth News

ප්‍රදේශ රැසකට තද සුළං

සබරගමුව පළාතේ සහ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදැසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වුණේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් … ප්‍රදේශ රැසකට තද සුළං

ස්පාඤ්ඤයේ දරුණු ලැව්ගින්නකින් 12ක් මරුට – බ්‍රිතාන්‍ය ජාතිකයින් සිව් දෙනෙකුත් ඒ අතර – 23ක් අතුරුදන්

දකුණු දිග ස්පාඤ්ඤයේ හටගෙන ඇති අතිශය විනාශකාරී ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරනවා. ජීවිතක්ෂයට පත් වූවන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් සිව්දෙනෙකු ද සිටින බවටයි ප්‍රාදේශීය බලධාරීන් සැකපළ කරන්නේ. ස්පාඤ්ඤයේ අල්මේරියා ප්‍රාන්තයේ ලොස් ගයලර්ඩොස් ප්‍රදේශය පුරා මෙම ලැව්ගින්න ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. මෙවැනි දරුණු ගණයේ විනාශකාරී ලැව්ගින්නකට මීට පෙර මුහුණ … ස්පාඤ්ඤයේ දරුණු ලැව්ගින්නකින් 12ක් මරුට – බ්‍රිතාන්‍ය ජාතිකයින් සිව් දෙනෙකුත් ඒ අතර – 23ක් අතුරුදන්

බෙල්ජියම පැරදූ ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපරාජිත ස්පාඤ්ඤ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බෙල්ජියම් කණ්ඩායම පරාජයට පත් කරමින්. ඒ අනුව ස්පාඤ්ඤය ගෝල දෙකට එකක් ලෙස තරගය ජයගත්තා. තරගය ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වුණා. තරගයේ 30 වැනි මිනිත්තුවේදී ෆෙබියන් රු යිස් ස්පාඤ්ඤයට පළමු ගෝලය ලබා දුන්නා. 41 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් … බෙල්ජියම පැරදූ ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

වී මිල අසාධාරණයි – කෘෂිකර්ම විද්වතෙක් ආණ්ඩුවට අභියෝග කරයි

මෙවර වී මිළදී ගැනීම සදහා ආණ්ඩුව නියම කළ මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිලිබද මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම කන්නයේ වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් 137ක් බවයි. එහෙත් නාඩු රුපියල් 120කට හා සම්බා 130කට මිලදී ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග … වී මිල අසාධාරණයි – කෘෂිකර්ම විද්වතෙක් ආණ්ඩුවට අභියෝග කරයි

ඉන්දියාවේ බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කෙරේ – මංගලෝර් හි දැවැන්ත තෙල් ගබඩාවක් ඉදි කිරීමට සැරසෙයි

ඉන්දියාවේ ප්‍රමුඛතම තෙල් සහ ස්වභාවික වායු සංස්ථාව වන ONGC (Oil and Natural Gas Corp) ආයතනය, එරට දකුණු දිග මංගලෝර් නගරයේ මෙට්‍රික් ටොන් මිලියන 1.75 ක ධාරිතාවකින් යුත් උපායමාර්ගික බොරතෙල් සංචිත ගබඩාවක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව කොටස් වෙළඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. ලෝකයේ තෙවන විශාලතම තෙල් ආනයනකරුවා සහ පරිභෝජනය කරන්නා වන ඉන්දියාව, … ඉන්දියාවේ බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කෙරේ – මංගලෝර් හි දැවැන්ත තෙල් ගබඩාවක් ඉදි කිරීමට සැරසෙයි

තේවලින් ඩොලර් බිලියන 2.5ක් ගේන්න අලුත් වැඩක් ලබන සතියේ සිට

මෙරට තේ ආදායම තවත් අමෙරිකානු ඩොලර් බිලියනයකින් වැඩි කරගැනීමට ආණ්ඩුව නව වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ඒ සදහා  Ceylon Tea Village නමින් තේ ගම්මාන 500ක් ස්ථාපිත කරන බවයි. කුඩා තේ වතු හිමියන් ඉලක්ක කරගත් මෙම වැඩසටහන ලබන 15වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

අධිකරණ ඇමති ධූරයේ සිටිමින් බන්ධනාගාර ගැටුම ගැන සිදු කරන පරීක්ෂණ ස්වාධීන නැහැ – විපක්ෂය කියයි

මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ස්වාධීනව සිදුකිරීමට නම් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළේ මේ හේතුවෙන් බවයි. ඉදිරි පාර්ලිමේන්තු සතියේදී විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ … අධිකරණ ඇමති ධූරයේ සිටිමින් බන්ධනාගාර ගැටුම ගැන සිදු කරන පරීක්ෂණ ස්වාධීන නැහැ – විපක්ෂය කියයි

මැගසින් බන්ධනාගාරයේ ගැටුමක් – රැදවියන් කිහිප දෙනෙකුට තුවාල

මැගසින් බන්ධනාරගාරයේ රැදවියන් කිහිප දෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා. බන්ධනාගාර ආරංචි පැවසුවේ අද දහවල් පළමුව එම ගැටුම හට ගෙන ඇත්තේ රැදවියන් දෙදෙනෙකු අතර බවයි. ඉන් පසුව තවත් රැදවියන් දෙදෙනෙකු එම ගැටුමට සම්බන්ධ වී තිබෙනවා. එහිදි තුවාල ලැබූ ඔවුන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමටයි නිලධාරීන් කටයුතු කර ඇත්තේ. ප්‍රතිකාර ලැබූ රැදවින් තිදෙනෙකු යළි මැගසින් බන්ධනාගාරයට රැගෙනවිත් … මැගසින් බන්ධනාගාරයේ ගැටුමක් – රැදවියන් කිහිප දෙනෙකුට තුවාල

සලේගේ රිට් පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන 14 දක්වා කල් දැමේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණා. එම පෙත්සම සලකා බැලුණේ අභියාචනධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත … සලේගේ රිට් පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන 14 දක්වා කල් දැමේ