Nishan Neth News

මීගමුවේ බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු මරුට – කාන්තා රැඳවියන් පිරිසක් වහලට

මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන් දෙපිරිසක් අතර අද පස්වරුවේ ඇතිවූ ගැටුමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 30 දෙනෙකුට වැඩි පිරිසක් ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. ඇතිවූ ගැටුමෙන් පසු එම බන්ධනාගාරයට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට කැඳවා ඇති බවයි එහි සිටින නෙත් … මීගමුවේ බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු මරුට – කාන්තා රැඳවියන් පිරිසක් වහලට

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට

  මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීගමුව පොලිසිය පැවසුවේ අදාල ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 29 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඒ අතර සිටි රැඳවියන් දෙදෙනෙක්. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුම තවදුරටත් පවතින බවයි වාර්තා වුණේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් ද කැදවා … මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් ගණන තවත් ඉහළට

මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් තවදුරටත් රෝහල වෙත රැගෙන එමින් සිටිනවා. ඒ අනුව මේ වනවිට රෝහල් ගත කර ඇති රැඳවියන් ගනන 20 දක්වා ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම බන්ධනාගාරය තුළදී රැඳවියන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාද මීගමුව බන්ධනාගාරය වෙත … මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් ගණන තවත් ඉහළට

මීගමුව බන්ධනාගාරයේ දෙපිරිසක් අතර ගැටුමක් – 16ක් රෝහලේ

  මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය ඒ බව තහවුරු කළා. තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

ෆේස්බුක් සාදයකට මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පිරිසක් අත්අඩංගුවට

ඇල්ල වැල්ලවාය මාර්ගයේ හෝටලයක සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් සඳහා මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස්, හෙරොයින් සහ විවිධ වර්ගයේ මත්පෙති සමග පුද්ගලයින් 15 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් බණ්ඩාරවෙල වාර්තාකරු විරාජ් ප්‍රනාන්දු පැවසුවේ. ඊයේ රාත්‍රී කෙරුණු මාර්ග පරීක්ෂාවකදී පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් … ෆේස්බුක් සාදයකට මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පිරිසක් අත්අඩංගුවට

පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද

පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. සත්කාරක එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව මෙහිදී තරග වැදීමට නියමිතයි. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ට තරගය ආරම්භ වනවා. මෙවර මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවද ඇතුළත්ව රටවල් 16ක් සහභාගි වුණා. පළමු වටයේ තරග පැවැත්වුණේ කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයටයි. … පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද

රුසියාවේ විශාලම තෙල් පර්යන්තයකට යුක්රේනයෙන් දරුණු ප්‍රහාරයක් – නාවික කදවුරකුත් පුපුරයි

රුසියානු ඉලක්ක වෙත යුක්රේනය නැවත වරක් ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. රුසියාවේ දෙවන විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග්හි ප්‍රධාන තෙල් පර්යන්තයකටයි යුක්රේනය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. යුක්රේන ජනාධිපති ව්ලොැඩිමීර් සෙලෙන්ස්කි ද මේ බව තහවුරු කළා. ප්‍රහාරයෙන් රුසියාවේ බෝල්ටික් නාවික බලඇණියට අයත් ක්‍රොන්ස්ටාඩ් නුවර පිහිටි ප්‍රධාන නාවික කඳවුරකට ද දැඩි හානි සිදුව ඇති බවයි … රුසියාවේ විශාලම තෙල් පර්යන්තයකට යුක්රේනයෙන් දරුණු ප්‍රහාරයක් – නාවික කදවුරකුත් පුපුරයි

විදෙස් කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දූෂණය කිරීමේ චෝදනාවකට පාකිස්ථානයේදී සිව්දෙනෙකු අත්අඩංගුවට

පාකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ සමීප ඥාතියෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු විදේශීය කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීමේ චෝදනා මත එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස පැහැර ගැනීමට සහ අපයෝජනයට ලක්ව ඇත්තේ නෙදර්ලන්ත සහ වෙනිසියුලානු ජාතික කාන්තාවන් දෙදෙනෙකි. මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පියා විසින් ස්පාඤ්ඤයේ සිට තම දියණිය අතුරුදහන් වී ඇති බවට කරන ලද … විදෙස් කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දූෂණය කිරීමේ චෝදනාවකට පාකිස්ථානයේදී සිව්දෙනෙකු අත්අඩංගුවට

මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ අපරාධ චෝදනා ලැබ විදෙස් ගතව සැඟව සිටියදී මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට රැගෙන ආ සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. මෙම ප්‍රශ්න කිරීම් සහ වැඩිදුර විමර්ශන සිදු කරන්නේ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශයයි. අත්අඩංගුවට ගත් මෙම සැකකරු සන්තකව  තිබු  ශ්‍රී ලංකා විදේශ ගුවන් ගමන් බලපත්‍රයක්ද සොයා ගැනුණා. ඊට … මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹෙයි