Nishan Neth News

ග්‍රැන්ඩ්පාස් මහල් නිවාසයක් අසල වැටලීමක්

ග්‍රැන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාසය ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලිමකදීයි. ඒ අනුව සැකකරු සන්තකයේ තිබී හෂීස් ග්‍රෑම් 280 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී තිබෙනවා. ඔපෙක් ප්ලස් සංවිධානය විසින් එළඹෙන අගෝස්තු මාසය සඳහා වන නිෂ්පාදන ඉලක්ක ඉහළ නැංවීමත් සමඟ මෙලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යළිත් සාමාන්‍ය පරිදි තෙල් අපනයනය ආරම්භ වීම මෙලෙස ලෝක සැපයුම ඉහළ යාමට හේතු වී තිබෙනවා. … ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

බ්‍රසීලය ගෙදර යවා ඉතිහාසයේ පළමුවරට නෝර්වේ අර්ධ අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය අලුත් කරමින් ප්‍රබල බ්‍රසීලය එළියට ඇද දමා මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නෝර්වේ සමත් වුණා. නෝර්වේ රාජ්‍යය මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන්නේ වසර 28කට පසුවයි. එසේ තිබියදීත්, පාපන්දු ලොව රජුන් තැනූ බ්‍රසීලය පරාජය කරමින් ඔවුන් ලැබූ ජයග්‍රහණය පාපන්දු ලෝකයම මවිත කරවන්නක් වී … බ්‍රසීලය ගෙදර යවා ඉතිහාසයේ පළමුවරට නෝර්වේ අර්ධ අවසන් පූර්ව වටයට

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන සොයන්න පත්කළ කමිටුව වැඩ අරඹයි

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පත් කළ කමිටුව මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව රැදවියන්ගෙන් මෙන්ම එම ගැටුම සිදුවන අවස්ථාවේ රාජකාරියේ යෙදි සිටි නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටද නියමිත බවයි වාර්තා වුණේ. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ ඊයේ පස්වරු 1.00ට … මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන සොයන්න පත්කළ කමිටුව වැඩ අරඹයි

මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ගැන සොයන්න කමිටුවක්

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත් කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ විමර්ශන කමිටුව පත් කළ බවයි. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ ඊයේ (05) පස්වරු 1.00ට පමණයි. ඒ, රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඩුවම් ලබා … මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ගැන සොයන්න කමිටුවක්

ගැටුමෙන් උණුසුම් වූ මීගමුව බන්ධනාගාරයේ වහලයක් කඩා වැටේ – තත්ත්වය සන්සුන් – බන්ධනාගාරයට තවදුරටත් විශේෂ ආරක්‍ෂාවක් 

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සමථයකට පත්කර ගැනීමට හැකිවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක මහතා පැවසුවේ අදාළ ගැටුමෙන් රැඳවියන් 36 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි. ඉන් රැදවියන් දෙදෙනෙකු මරණට පත්වූ බවද ඔහු පැවසුවා. රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රැදවියන් තිදෙනෙකු පල්ලන්සේන කඳවුර වෙත මාරු … ගැටුමෙන් උණුසුම් වූ මීගමුව බන්ධනාගාරයේ වහලයක් කඩා වැටේ – තත්ත්වය සන්සුන් – බන්ධනාගාරයට තවදුරටත් විශේෂ ආරක්‍ෂාවක් 

බස් ගාස්තු අද සිට ඉහළට

නව බස් ගාස්තු සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වුණා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගියදා අවසර ලබා දුන්නේ කෙටි දුර සේවා ගාස්තු සියයට දොළහකින් සහ දිගු දුර සේවා ගාස්තු සියයට විස්සකින් වැඩි කිරීමටයි. ඒ අනුව රුපියල් තිහක් වූ අවම ගාස්තුව රුපියල් තිස් හතරක් දක්වා ඉහල යනවා. මෙතෙක් වැඩිම ගාස්තුව වූ රුපියල් දෙදහස් හාරසිය විසි දෙකක … බස් ගාස්තු අද සිට ඉහළට

පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

  මෙවර පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ, ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජයට පත් කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස් කළා. එම ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාව ආරම්භයේ සිටම එංගලන්ත පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කර, … පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

මෝදි ඉන්දුනීසියාවට

  ත්‍රෛපාර්ශ්වික සංචාරයක නිරත වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය සංචාරයේ පළමු අදියර සනිටුහන් කරමින් ඉන්දුනීසියාවට පැමිණියේය. එහිදී ඔහුට ඉතා උණුසුම් මෙන්ම ඉහළ රාජ්‍ය ගෞරව සහිත පිළිගැනීමක් හිමි විය. සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික ගෞරවයක් දක්වමින් ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ විසින් ගුවන් තොටුපළේදීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව පෞද්ගලිකවම පිළිගනු ලැබීය. අග්‍රාමාත්‍ය මෝදි රැගත් ගුවන් යානය ඉන්දුනීසියානු ගුවන් සීමාවට ඇතුළු වූ … මෝදි ඉන්දුනීසියාවට